Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩයලොග් ලීග් රග්බි දෙවැනි වටය හෙට සිට

ඩයලොග් ලීග් රග්බි දෙවැනි වටය හෙට සිට

යොහාන් භාසුර - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම රග්බි තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019-2020) දෙවැනි වටය හෙට (25 වැනිදා) ආරම්භ වේ. දෙවැනි වටයේ තරග ආරම්භ කරමින් කොළඹ සහ අවට ක්‍රීඩාංගණ තුනකදී හෙට (25) තරග තුනක් පැවැත්වේ.

පළමු වටයේ තරග හතම ජය ලබා අපරාජිතව සිටින මහනුවර ක්‍රීඩා සමාජය අනිද්දා (26) රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී ගුවන් හමුදා පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.
මෙවර තරගාවලියේ මේ දක්වා පෙරළිකාර කණ්ඩායම වන පොලිස් පිල අනිද්දා (26) සී. එච්. පිලට එරෙහිව කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී දෙවැනි වටයේ පළමු තරගයට සහභාගි වීමට නියමිතය.

දෙවැනි වටයේ තරග ලබන මාර්තු මස 18 වැනිදා අවසන් වීමට නියමිතය.

දෙවැනි වටයේ තරග අවසානයේ වැඩි ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් හතර කුසලාන ශූරතාව සඳහා නැවත තරගාවලියකට සහභාගි වෙයි. අවසන් කණ්ඩායම් හතර ‘පළඟ’ ශූරතාවට තරග කරයි.


මෙවර සම්පූර්ණ තරගාවලිය අප්‍රේල් මස 6 වැනිදා අවසන් වීමට නියමිතය.

දෙවැනි වටයේ පළමු සතියේ තරග කාලසටහන

● 25 වැනිදා - ගුවන් හමුදා පිල සහ මහනුවර පිල අතර රත්මලානේදී
● 25 වැනිදා - නාවික හමුදා පිල සහ සී. ආර්. පිල අතර වැලිසරදී
● 25 වැනිදා - හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර හැවිලොක්ස් පිටියේදී (පස්වරු 6.30)
● 26 වැනිදා - සී. එච්. පිල සහ පොලිස් පිල අතර තුරඟ තරග පිටියේදී


අදහස් (0)

ඩයලොග් ලීග් රග්බි දෙවැනි වටය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.