Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිෆෙන්ඩර්ස් බැඩ්මින්ටන් තරග අද සිට

ඩිෆෙන්ඩර්ස් බැඩ්මින්ටන් තරග අද සිට

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාව පළමු වරට සංවිධානය කරන ‘ඩිෆෙන්ඩර්ස්’ සමස්ත ලංකා විවෘත බැඞ්මින්ටන් තරගාවලිය අද (2 වැනිදා) සිට මේ මස 8 වැනිදා දක්වා පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී විවෘත පිරිමි කේවල, විවෘත කාන්තා කේවල, විවෘත පිරිමි යුගල, විවෘත කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ යටතේ තරග ඉසව් පැවැත්වෙන අතර බාලක සහ බාලිකා තරගකරුවන් සඳහා අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග ඉසව් පැවැත්වේ.

දෙවැනි වටයේ සිට ඉදිරි වටවලට සුදුසුකම් ලබන සෑම තරගකරුවකුටම සහ තරගකාරියකටම සහතිකපත් පිරිනැමෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසන් මහ තරගය දක්වා සුදුසුකම් ලබන සෑම තරගකරුවකුටම සහ තරගකාරියකටම ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

තරගාවලියේ අවසන් මහ තරග 8 වැනිදා පස්වරු 3.30 සිට පැවැත්වෙන අතර එදිනට ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගි වීමට නියමිතය.

 


අදහස් (0)

ඩිෆෙන්ඩර්ස් බැඩ්මින්ටන් තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.