Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙහාන් - ඔනෙලි ශූරතා දිනති

ටෙහාන් - ඔනෙලි ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ වයස 18 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට ටෙහාන් විජේමාන්න සහ ඔනෙලි පෙරේරා සමත් වූහ.

වයස 18 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් (7/6, 6/2) ලෙස දිල්වන් හේරත් පරාජය කරමින් ටෙහාන්, මේ වසරේ මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ කනිෂ්ඨ ශූරයා බවට පත් විය.

පළමු අවසන් පූර්ව තරගයේදී ජිතාර ද සේරම්ට එරෙහිව වට 2-0 ක (7/5, 6/3) ජයක් වාර්තා කරමින් ටෙහාන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. දිල්වන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වෙනුක කිත්නුලට එරෙහිව වට 2-1 ක (4/6, 6/3, 10/7) ජයක් වාර්තා කරමිනි.

ඔනෙලි මේ වසරේ මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ කනිෂ්ඨ ශූරිය බවට පත් වූයේ වයස 18 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් (3/6, 6/0, 10/8) ලෙස සවිනි ජයසූරිය පරාජය කරමිනි.

පළමු අවසන් පූර්ව තරගයේදී ටානියා දොලොස්වලට එරෙහිව වට 2-1 ක (7/6, 4/6, 10/5) ජයක් වාර්තා කරමින් ඔනෙලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තාය. සවිනි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී විශ්මි ඔනෙත්‍රාට එරෙහිව වට 2-0 ක (6/0, 6/3) ජයක් වාර්තා කරමිනි.

 


අදහස් (0)

ටෙහාන් - ඔනෙලි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.