Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙනිස් ක්‍රීඩාව පොඩිත්තන් අතට

ටෙනිස් ක්‍රීඩාව පොඩිත්තන් අතට

editorial - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මගින් ක්‍රියාවට නංවා ඇති පොඩිත්තන්ගේ ටෙනිස් ක්‍රීඩාව ඉහළ නැංවීමේ වැඩටහනට අනුග්‍රහය දැක්වීම සඳහා රිට්ස්බරි සමාගම ඉදිරිපත්වී සිටියි. අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

දැනට මෙම වැඩසටහන කළාප 10 ක් යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය තවත් කළාප 3 ක් කරා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සූදානමින් සිටියි.

මෙම වැඩසටහන යටතේ පැවැත්වෙන ‘පොඩිත්තන්ගේ කූල් ටෙනිස්’ තරගාවලිය සඳහා දිවයින  පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 ක් පමණ සහභාගි වන අතර වැඩසටහන ක්‍රියාත්මක වන කළාප 10 යටතේ එහි තේරීම් තරග පැවැත්වේ.

කළාපීය මට්ටමේ ‘බී’ කාණ්ඩායේ තේරීම් තරග මේ මස 1 වැනිදා ආරම්භ වූ අතර ‘ඒ’ කාණ්ඩයේ තේරීම් තරග අද (8 වැනිදා) සිට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේදී අවුරුදු 10 න් පහළ, 8 න් පහළ සහ 7 න් පහළ ලෙස වයස් කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වේ.

-036

 


අදහස් (0)

ටෙනිස් ක්‍රීඩාව පොඩිත්තන් අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.