Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් ටාබට් කණිෂ්ඨ තරගාවලිය 8 දා සිට

ජෝන් ටාබට් කණිෂ්ඨ තරගාවලිය 8 දා සිට

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 47 වැනි වරටත් නොවැම්බර් 8, 9 සහ 10 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් මලල සංගමය තීරණය කර ඇත.

තරගාවලිය නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට මීට පෙර විධි විධාන යොදා තිබූ නමුදු පැවැති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වෙන් ස්ථාන සංශෝධනය කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙකු වන නෙවිල් රොඩ්රිගෝ මහතා පැවසීය.

වයස අවු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ ලෙස වයස සීමා හතරක් යටතේ මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට ආසන්න පිරිසක් මූලික තේරීම් තරගවලදී සුදුසුකම් ලබා සිටිති.

වෙනත් වසර වල මෙම තරගය ඍජුවම මෙහෙයවූ නමුදු සෑම තරග ඉසව්වකටම වැඩි පිරිසක් සහභාගී වන බැවින් මෙම වසරේ සිට පළාත් මට්ටමින් සුදුසුකම් ලැබූ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට පමණක් මේ සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබාදී ඇත.

මේ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා හංවැල්ලේදී ද මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් සඳහා නාවලපිටියේදීද පළාත් මට්ටමින් මූලික තරග පවත්වා එහි ජයග්‍රාහකයින් පමණක් ජාතික මට්ටමේ තරගාවලියට තෝරාගෙන ඇත.

ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2017 වසරේ ක්‍රියාත්මක අවසන් පාසල් මට්ටමේ තරගාවලිය වෙයි.   

 


අදහස් (0)

ජෝන් ටාබට් කණිෂ්ඨ තරගාවලිය 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.