Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජොන්සන් චාල්ස් යාපනය පිලට

ජොන්සන් චාල්ස් යාපනය පිලට

editorial - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක  ජොන්සන් චාර්ල්ස් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සමග එක්වී සිටී. යාපනය ස්ටැලියන්ස් සමගින් එක්වීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමගින් ඔහු වෙනුවට ජොන්සන් චාර්ල්ස් කණ්ඩායමට කැඳවා ඇත.

ඒ අනුව යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ හයවැනි විදෙස් ක්‍රීඩකයා ලෙස ජොන්සන් චාර්ල්ස් එක්වනු ඇති අතර ඔහුත් සමගින් ෂොයිබ් මලික් සහ උස්මාන් ශින්වාරි (පාකිස්තානය), කයිල් ඇබට් සහ ඩුඇන් ඔලිවර් (දකුණු අප්‍රිකාව), ටොම් මූවර්ස් (එංගලන්තය) ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ආරම්භක පිතිකරුවෙකු වන ජොන්සන් චාර්ල්ස් 2012 සහ 2016 වසරවලදී විස්සයි20 ලෝක ශූරතා දිනාගත් කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

චාර්ල්ස් මේ වන විට කොදෙව් ක්‍රිකට් ආයතනයේ විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමේ ලිපිය අපේක්ෂාවෙන් සිටී. එළඹෙන 25 වනදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ජොන්සන් චාර්ල්ස් දිවයිනට ළගා වීමට නියමිත බව යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහුට නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට සිදුවන බැවින් මෙවර එල්.පී.එල් තරගාවලියේ මුල් තරග කිහිපයක් ඔහුට අහිමිව යනු ඇත.

කොළඹ කිංග්ස් පිලට එරෙහිව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහභාගිවන පළමු තරගය 27 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

 


- 2079

 


අදහස් (0)

ජොන්සන් චාල්ස් යාපනය පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.