Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික ජිම්නාස්ටික් සංචිතයේ පුහුණුවීම් කඩිනමින්

ජාතික ජිම්නාස්ටික් සංචිතයේ පුහුණුවීම් කඩිනමින්

නාමල් පතිරගේ - 2020 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික ජිම්නාස්ටික් සංචිතයේ පුහුණුවීම් තව නොබෝදිනකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපති කෝකිල කළුආරච්චි මහතා පවසයි. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් පසුවන බව පැවසූ ඔහු මෙම වසරට නියමිත ජාතික ජිම්නාස්ටික් තරගාවලිය වසර අවසානයේදී පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසුවේය.

දැනට උද්ගතව පවතින කොරෝනා වසන්ගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ජිම්නාස්ටික් සංගමයේ කටයුතු ද ඇණහිට තිබේ. කෙසේවුවත් එම වසන්ගත තත්ත්වය රට තුළ පහව යමින් පවතින බැවින් ජාතික සංචිතය ආරම්භ කිරීම සඳහා සංගමය මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් පතා තිබේ.

ජපානයේ ටෝකියෝ නුවරදී පසුගිය මැයි 8 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම් කර තිබූ ආසියානු ජිම්නාස්ටික් තරගාවලිය කොරෝනා වසන්ගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එය මෙම වසරේදීම පවත්වා අවසන් කිරීමට තරග සංවිධායකයන් උනන්දුවී සිටින බව ආසියානු ජිම්නාස්ටික් සම්මේලනය ප්‍රකාශ කර තිබේ.


පසුගිය මාර්තු 12 වැනිදා ජිම්නාස්ටික් සංගමයේ වත්මන් නිලධාරී මණ්ඩලය පත්වූවන් උද්ගත වූ තත්ත්වය හමුවේ මෙතෙක් එහි කිසිදු කාර්යයක් ආරම්භ කිරීමට නොහැකිවී තිබේ. ජිම්නාස්ටික් සංගමයේ සභාපති කෝකිල කලුආරච්චි මහතා සිය සංගමයේ ලියාපදිංචි පුහුණුකරුවන් පිරිසක් සඳහා මූල්‍යාධාර ලබාදෙන ලෙස ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.  ඔවුන් රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ දුෂ්කරතාවයට පත්වූවන් බැවින් ඔවුන්ට සහනයක් සළසන ලෙස එමගින් කෝකිල කලුආරච්චි මහතා ක්‍රීඩා ඇමතිවරයාට යොමු කළ එම ලිඛිත ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වේ.


අදහස් (0)

ජාතික ජිම්නාස්ටික් සංචිතයේ පුහුණුවීම් කඩිනමින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.