Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට ඩයන් ගෝමස්

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට ඩයන් ගෝමස්

editorial - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස තේරී පත්ව ඇත. රාජකීය විද්‍යාලයේ හිටපු බොක්සිං ශූරයකු මෙන්ම වරලත්ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ හිටපු සභාපතිවරයකුද වන ගෝමස් මහතා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් තුන්වැනි වරටත් පසුගියදා තේරී පත්විය.

2014 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ උපදේශන මණ්ඩලයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන ගෝමස් මහතා, පසුගිය වසරේදී (2019) ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයාද විය. මින් පෙර ඔහු ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ මූල්‍ය කමිටුවට, අලෙවිකරණ කමිටුවට සහ කාන්තා කමිටුවට අනුයුක්තව සේවය කර ඇත.

වසර 2004 සිටම ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයකු ලෙසින් කටයුතු කළ ගෝමස් මහතා බොක්සිං ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකා කඩු සරඹ සංගමයේත් සභාපතිවරයකු ලෙසින්ද කටයුතු කර තිබේ.  ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහාද අනගි සේවයක් ඉටු කර ඇති ගෝමස් මහතා මේ වන විට ඔහු ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙසත්, නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් සේවය කරයි.


-036


අදහස් (0)

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට ඩයන් ගෝමස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.