Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික පාසල් අර්ධ මැරතන් තරගය 23 දා

ජාතික පාසල් අර්ධ මැරතන් තරගය 23 දා

Nisanka Sandeepani - 2017 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සංවිධානය කරනු ලබන ජාතික පාසල් අර්ධ මැරතන් තරගය 23 දින සවස 04 ට දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වෙයි. ඒ සඳහා වයඹ, සබරගමුව සහ මධ්‍යඹ පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 ක් පමණ සහභාගී වීමට නියමිතය.  

අධ්‍යාපන අමාත්‍යංශයේ  ක්‍රීඩා අධ්‍යක්ෂක මංජුල කාරියවසම් මහතා කියා සිටියේ තරග ඉසව් දෙකක් ලෙස මෙම තරගය පැවැත්වෙන බවයි. ඒ අනුව කිලෝ මීටර් 21 පිරිමි සහ කාන්තා තරගය ලෙසත් කිලෝමීටර් 5 පිරිමි සහ කාන්තා තරගයත් ලෙසත් මෙම තරගය සංවිධානය කර ඇත.

දශක තුනක් පුරා සාර්ථකව පැවැත්වෙන මෙම මැරතන් ධාවන තරගය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය නෙස්ටමෝල්ට් ආයතයෙන් දක්වනු ලබන බැවින් මෙම තරගාවලිය නෙස්ටමෝල්ට් මැරතන් තරගය ලෙස නම්කර තිබේ. 

මේ තරග සඳහා සහභාගීවන සියලුම තරගකරුවන් රක්ෂණයකට යොමු කර ඇති අතර එම රක්ෂණ හිමිකම් ශ්‍රී ලංකා පොලිසිය වෙත බාර දෙන ලදි. 
මෙම මාධ්‍ය හමුව සඳහා ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි, ක්‍රීඩා නිලධාරී අතුල ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරි එන්.ජේ වීරසිංහ, දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 


අදහස් (0)

ජාතික පාසල් අර්ධ මැරතන් තරගය 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.