Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික සමුළුව අගෝස්තු 26 - 27

ජාතික සමුළුව අගෝස්තු 26 - 27

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික සමුළුවක් අගෝස්තු මස 26 සහ 27 යන දිනවල කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ අනාගතය සැකසිය  යුත්තේ කෙසේද? යන්න සොයා බැලීම මෙම ජාතික සම්මේලනයේ ප්‍රධාන අරමුණ වන අතර එම සමුළුව කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්.නාලක මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා  වොලිබෝල් ඉතිහාසයේ මෙවැනි  සමුළුවක් පවත්වනු ලබන තුන්වැනි අවස්ථාව මෙය වෙයි. මීට වසර 20 කට ඉහතදී එවැනි සමුළුවක් කොළඹදී පවත්වා ඇති අතර 80 දශකයේදී චරිත රත්වත්ත  මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයාව සිටියදීත් එවන් සමුළුවක් පවත්වා තිබේ.

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සමුළුව සඳහා වොලිබෝල් ක්‍රීඩාවේ විවිධ අංශ නියෝජනය කරමින් නියෝජිතයන් 175 දෙනෙකු සහභාගීකර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය බලාපොරොත්තු වෙයි. වොලිබෝල් පුහුණුකරුවන්, විනිසුරුවන්, ජාතික මට්ටමේ හිටපු  සහ වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සංවිධායක වරුන්, අනුග්‍රාහකයන්, මාධ්‍යවේදීන් සහ දිස්ත්‍රික් වොලිබෝල් සංගම් නියෝජිතයින්  මෙම සමුළුවට සහභාගී කර ගන්නා නියෝජිතයෝ වෙති.

මෙම වොලිබෝල් සමුළුවේදී කමිටු පත්කර ඒ ඒ අංශ පිළිබඳ වාර්තා ලබා ගැනීමටත් එම වාර්තා අනුව සිව් අවුරුදු වොලිබෝල් සැලැස්මක් සකස් කිරීමටත් වෙලිබෝල් සම්මේලනය බලාපොරොත්තු වෙයි. 2019 දී පැවැත්වීමට යෝජිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම රන් පදක්කම් දිනා ගැනීම වොලිබෝල් සිව් අවුරුදු සැලැස්මේ  ප්‍රධාන ඉලක්කය වේ.

 


අදහස් (0)

ජාතික සමුළුව අගෝස්තු 26 - 27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.