Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජයන්ත ධර්මදාස ක්‍රිකට් විධායක කමිටුවට එයි

ජයන්ත ධර්මදාස ක්‍රිකට් විධායක කමිටුවට එයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ පුරප්පාඩු වී ඇති ආසන්තම සභාපතිවරයාගේ පුරප්පාඩුවට එහි හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුවේ අනුමැතිය අද (13) හිමිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.

ධර්මදාස මහතා විධායක කමිටුවට පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ කළ නිර්දේශය ඊයේ කළමනාකරන කමිටුවට ඉදිරිපත් කළ අතර එය හෙට (14) විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

තිලංග සුමතිපාල මහතාට ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමත් සමඟ මාස දෙකකට ආසන්න කාලයක් ආසන්තම සභාපතිවරයාගේ විධායක කමිටු ධූරය හිස්ව තිබේ.

තිලංග සුමතිපාල මහතා ඡන්දයෙන් පත්වීමට පෙර ජයන්ත ධර්මදාස මහතා නිලවරණයෙන් පත්වී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කළේය.


අදහස් (0)

ජයන්ත ධර්මදාස ක්‍රිකට් විධායක කමිටුවට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.