Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජපානය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ජපානය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (24 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා වට 3-0 ක පහසු ජයක් ලැබීමට ජපානය සමත් විය.

අවසන් වරට (2015 වසරේ) ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති ආසියානු වොලිබෝල් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ජපානය, මෙවර තරගාවලියේදී සහභාගි වූ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කළේ තරගාවලියට සාර්ථක ආරම්භයක්ද ලබා ගනිමිනි.

පළමු වටයේදී ලකුණු 25/17 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කළ ජපානය, දෙවැනි සහ තෙවැනි වට වලදී පිළිවෙළින් 25/16 ක් සහ 25/17 ක් ලෙස ජය ලබමින් වට 3-0 ක් ලෙස එම තරගය ජයගත්තේය.

ශ්‍රී ලංකාව තරග වදින ‘සී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙක වන දකුණු කොරියාව සහ වියට්නායමය අතර තරගයද අද පැවැති අතර ඉන් වට 3-0 ක (25/17, 25/19, 25/17) ජයක් ලැබීමට දකුණු කොරියාව සමත් විය.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරගය හෙට (25 වැනිදා) දකුණු කොරියාවට එරෙහිව ඉන්දුනීසියා වේලාවෙන් පස්වරු 9.00 ට ආරම්භ වේ.

 


අදහස් (0)

ජපානය 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.