Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනපති රන් කුසලාන මහ සටන දෙසැ 7දා

ජනපති රන් කුසලාන මහ සටන දෙසැ 7දා

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 11 වැනි වරටත් සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග දෙසැම්බර් මස 7 වැනිදා පෙරවරු 8.30 සිට මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙම තරගාවලිය වයස අවුරුදු 22 න් පහළ පිරිමි - කාන්තා සහ, විවෘත පිරිමි - කාන්තා යනුවෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර එහි මූලික වටයේ තරග මෙම මස 5, 6 සහ 7 යන දිනවල තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විවෘත පිරිමි අවසන් මහ තරගයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සහ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතය.  

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන කැෂුවලයින් ක්‍රීඩා සමාජය විවෘත කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.

තරගාවලියේ විවෘත පිරිමි අවසන් මහ තරගය සහ ජය සංකේත ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 7 වැනිදා පස්රුව 3.00 සිට පැවැත්වේ.

ඩයලොග් ආසියාටා සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.  

 

වයස 22 න් පහළ (කාන්තා) අවසන් මහ තරගය - 7 වැනිදා පෙරවරු 8.30 ට

ඇහැලියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය (රත්නපුර දිස්ත්‍රික්කය) සහ කැෂුවලයින් ක්‍රීඩා සමාජය (කුරුණෑගල දිස්ත්‍රික්කය) අතර
තෙවැනි ස්ථානය - ගලිගමුව ක්‍රීඩා සමාජය (කෑගල්ල දිස්ත්‍රික්කය)


වයස 22 න් පහළ (පිරිමි) අවසන් මහ තරගය - 7 වැනිදා පෙරවරු 10.30 ට

රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය (කෑගල්ල දිස්ත්‍රික්කය) සහ සීදූව දවිසමර ක්‍රීඩා සමාජය (ගම්පහ දිස්ත්‍රික්කය) අතර
තෙවැනි ස්ථානය - හලාවත ඒකාබද්ධ කණ්ඩායම (පුත්තලම දිස්ත්‍රික්කය)


විවෘත (කාන්තා) අවසන් මහ තරගය - 7 වැනිදා පස්වරු 1.00 ට

කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය (පුත්තලම දිස්ත්‍රික්කය) සහ කැෂුවලයින් ක්‍රීඩා සමාජය (කුරුණෑගල දිස්ත්‍රික්කය) අතර
තෙවැනි ස්ථානය - රදාවාන ගෝල්ඩන් බර්ඞ්ස් ක්‍රීඩා සමාජය (ගම්පහ දිස්ත්‍රික්කය)


විවෘත (පිරිමි) අවසන් මහ තරගය - 7 වැනිදා පස්වරු 3.00 ට

කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය (ගම්පහ දිස්ත්‍රික්කය) සහ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය (කෑගල්ල දිස්ත්‍රික්කය) අතර
තෙවැනි ස්ථානය - ජාතික තරුණ සේවා සභා කණ්ඩායම (කොළඹ දිස්ත්‍රික්කය)

 


- 036

 


අදහස් (0)

ජනපති රන් කුසලාන මහ සටන දෙසැ 7දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.