Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජගත් සරසවි කෙළිබිමට 87 ක් යති

ජගත් සරසවි කෙළිබිමට 87 ක් යති

Nisanka Sandeepani - 2017 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 19 සිට 30 දක්වා චීන - තායිපේ හි පැවැත්වෙන 2017 ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 87 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය විධි විධාන යොදා ඇත.

මෙම කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකු සහ නිළධාරීන් 20  දෙනෙකු ඇතුළත් වන අතර එම කණ්ඩායම මේ මස 17 දා චීන තායිපේ බලා පිටත් වීමට නියමිතය.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ක්‍රීඩා 7 ක් වෙනුවෙන් තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වේ. මලල ක්‍රීඩා, බැඞ්මින්ටන්, පිහිනුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස් සහ බර එසවීම යන ක්‍රීඩා වෙනුවෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිති.

ඒ අනුව මලල ක්‍රීඩා (21) බැඞ්මින්ටන්(10) පිහිනුම්(8) මේස පන්දු(10) ටයිකොන්ඩෝ(6) ටෙනිස්(6) සහ බර එසවීම(6) වශයෙන් ක්‍රීඩක ක්‍රීඩාවෝ කණ්ඩායම් වල සාමාජිකත්වය දරති. 

ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල යනු වසර දෙකකට වරක් ලොව සියලුම විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරමින් පවත්වනු ලබන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා උළෙලකි. මෙම ක්‍රීඩා උළෙලට අන්තර්ජාතික තර වලදී පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක්ද සහභාගි වෙති. 

චීන -තායිපේ ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට ලොව විශ්ව විද්‍යාල 137 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7639 ක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම 

 මලල ක්‍රීඩා (පිරිමි)
කේ.ඒ. කොටිටච්චි (සබරගමුව විශ්ව විශ්ව විද්‍යාලය), ඩබ්.එච්.එස්.එස්. විජේසුන්දර (සබරගමුව විශ්ව විද්‍යාලය), ඩී.එච්.සී.යූ.බණ්ඩාර (වවුනියාව මණ්ඩපය), ජී.එච්.සී. කුෂාන් (සබරගමුව විශ්ව විද්‍යාලය), ඒ.ජේ.එච්.ඕ.මධුසංඛ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), එන්.එම්.සී.සී. නවසිංහ (සබරගමුව විශ්ව විද්‍යාලය), ඒ.එල්.නිලවීර(කොළඹ විශ්ව විද්‍යාලය), ඕ.ඩී.එල්.අයි. කුමාර (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), පී.කේ.ඩී.එස්. පියරත්න (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), ආර්.එච්.එස්.රණසිංහ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), සම්පත් ලක්මාල් (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), ජී.ආර්.සී. කුලරත්න (සබරගමුව විශ්ව විද්‍යාලය), ජී.වී.උදයංග (සබරගමුව විශ්ව විද්‍යාලය), ඒ.ඩබ්.ආර්.ජී.එච්. අතාවුද (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

මලල ක්‍රීඩා (කාන්තා)
එන්.එච්. හෙන්ඩුසන් (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය),කේ.එච්.අයි.ජයලත් (සබරගමුව විශ්ව විද්‍යාලය)
ආර්.එච්.එස්.කේ. රත්නායක (සබරගමුව විශ්ව විද්‍යාලය), වත්සලා කුමාරි(සබරගමුව විශ්ව විද්‍යාලය),
ජේ.ඒ.ඩී. ජයරත්න (සබරගමුව විශ්ව විද්‍යාලය), කේ.ඩී.එන්.නවරත්න (කැලණිය විශ්ව විද්‍යාලය),
එච්.පී.ඒ. ජයමිණ (රුහුණ විශ්ව විද්‍යාලය )

බැඞ්මින්ටන්(පිරිමි)
ලහිරු අම්බලන්ගොඩ (මොරටුව විශ්ව විද්‍යාලය), චින්තක මනිවෙල්ලඩු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), සිනිල ලියනගේ (කොළඹ විශ්ව විද්‍යාලය), සනුර හපුආරච්චි (රජරට විශ්ව විද්‍යාලය), ප්‍රමෝද් වීරසූරිය (කොළඹ විශ්ව විද්‍යාලය)

බැඞ්මින්ටන් (කාන්තා)
කවිදි ඉෂාන්දිකා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), තිළිණි ප්‍රමෝදිකා(ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
අචිනි රත්නසිරි (කැලණිය විශ්ව විද්‍යාලය), ඕෂදී කුරුප්පු (සබරගමුව විශ්ව විද්‍යාලය), ලක්මිණි ශෂීභාණී (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

පිහිනුම් (පිරිමි)
ඩබ්.කේ.එස්. වික්‍රමාරච්චි (රුහුණ විශ්ව විද්‍යාලය), ටී.එන්. එදිරිසිංහ (කැලණිය විශ්ව විද්‍යාලය)
එච්.එච්.ආර්.එල්.බී.හේරත් (මොරටුව විශ්ව විද්‍යාලය), එස්.එස්.විතානගේ (කොළඹ විශ්ව විද්‍යාලය)

පිහිනුම් (කාන්තා)
කේ.ඩී.එච්.කේ.වීරතුංග (රුහුණ විශ්ව විද්‍යාලය),එන්.එච්.එල්ලාවල (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
ඩී.එච්.එච්. දිසානායක (පේරාදෙණිය විශ්ව විද්‍යාලය),බී.එල්. ආර්. හෙට්ටිආරච්චි (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

මේස පන්දු (පිරිමි)
කේ.ඩබ්.අයි. උදයංග (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), ඒ.කේ.ඩී.එම්. අබේවික්‍රම (මොරටුව විශ්ව විද්‍යාලය), පී.බී. කවිකේෂව (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), ජී.ඒ.ඩී.සී. ගල්ගමුව (කොළඹ විශ්ව විද්‍යාලය),
යූ.එච්.බී.වයි. දිල්ෂාන් (වයඹ විශ්ව විද්‍යාලය)


මේස පන්දු (කාන්තා)
නුවනි නවෝද්‍යා (මොරටුව විශ්ව විද්‍යාලය), එරන්දි වරුෂ විතාන (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය),
කසුනි හිමායා පිටිගල (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), ඒ.එස්.එච්.කේ.ආර්. සහබන්දු (මොරටුව විශ්ව විද්‍යාලය), ප්‍රසාදි රාජපක්ෂ (යාපනය විශ්ව විද්‍යාලය)

ටයිකොන්ඩෝ (පිරිමි)
එස්.එල්.ඒ.වයි. ඉසුරු (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), කේ.පී.එස්. දිවංජන (රුහුණ විශ්ව විද්‍යාලය),
ඩබ්.පී.එන්.ටී. ලක්මාල් (සබරගමුව විශ්ව විද්‍යාලය )

ටයිකොන්ඩෝ (කාන්තා)
එල්.ටී.පී.එල්. පෙරේරා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), කේ.එච්.සී.කේ. ගංගානී (රුහුණ විශ්ව විද්‍යාලය), ඒ. ජී.එන්. අනුත්තරා (කොළඹ විශ්ව විද්‍යාලය )


ටෙනිස් (පිරිමි)
වයි.ආර්.ද සිල්වා (කොළඹ විශ්ව විද්‍යාලය), ඉන්දික වෙත්තසිංහ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), 
පී.ඩී.එස්.එස්.පතිරගේ (මොරටුව විශ්ව විද්‍යාලය), එස්.ආර්. අබේනායක (කොළඹ විශ්ව විද්‍යාලය)

ටෙනිස් (කාන්තා)
එච්.රජේන්ද්‍ර (මොරටුව විශ්ව විද්‍යාලය), එච්.එල්.පී. සුරවීර (සබරගමුව විශ්ව විද්‍යාලය)

බර එසවීම (පිරිමි) 
එච්.ජී.සී.එස්.බී. ගුණරත්න (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), ආර්.එච්.ඩබ්.ඩී. රණසිංහ (කැලණිය විශ්ව විද්‍යාලය), ඩී.පී.එච්.සී. සේනාරත්න (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), එස්.ටී. ශ්‍රී වර්ණසිංහ (රුහුණ විශ්ව විද්‍යාලය), විනෝද් කුමාර (යාපනය විශ්ව විද්‍යාලය), එච්.එච්.අෂ්හාර් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය )

 

 

 

       


අදහස් (0)

ජගත් සරසවි කෙළිබිමට 87 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.