Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනයි

චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනයි

editorial - 2021 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

                    
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
          
ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ සමස්ථ ලංකා කාන්තා කණ්ඩායම් ඔන්ලයින් රැපීඩ් චෙස් තරගාවලියේ ශූරතාව චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.

අවසන් මහා තරගයේදි චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය විසින් තරග වට (1-0)ක් ලෙස පාස් පෝන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ශූරතාව දිනාගත්තේය.

අවසන් මහා තරගය තරග වට දෙකකින් සමන්විත විය. පළමු වටයේ තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙක බැගින් සම ලකුණු ලබාගෙන ජය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්තද  දෙවැනි වටයේ තරගයේදි චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය විසින් පාස් පෝන් ක්‍රීඩා සමාජය  ලකුණු 3-1ක් ලෙස පරාජය කරන ලදි.

කොරෝනා ව්‍යසනය නිසා මේ තරගාවලිය අන්තර් ජාලය ඔස්සේ පැවැත්වුණි. තරගාවලියට දිවයිනේ කාන්තා චෙස් කණ්ඩායම් 55 ක්‍රීඩිකාවෝ 275ක් ක් සහභාගී වූ අතර ශ්‍රීලංකා චෙස් සම්මේලනයේ සභාපති, ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා විනිසුරු ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ අධීක්ෂනය යටතේ තරගාවලිය පැවැත්විණ.

ජාතික චෙස් ශූරියන් වන සචිනි රනසිංහ,සයුමි සයිනාබ්, දසුනි හංසිකා, සයුනි ගිහංසා සහ දිනුෂ්කි ප්‍රේමනාත් යන ක්‍රීඩිකාවෝද මේ තරගාවලියේ කාන්තා කණ්ඩායම් නියෝජනය කළහ.
 තරගාවලිය ජනවාරි මස 14වැනිදා ආරම්භවූ අතර එය ජනවාරි මස 24 වැනිදා පස්වරුවේදී නිමාවට පත්විය.
                  
තරගාවලියට සහභාගීවූ කණ්ඩායම් 55 අතරින් අවසන් පූර්ව වටය සදහා චෙස් චෑම්ප්ස්, පාස් පෝන්, පිෂර් ඒ. සහ පිෂර් බි යන කණ්ඩායම් හතර සුදුසුකම් ලබා ගත්හ.
         
අවසන් පූර්ව වටයේදී චෙස් චෑම්ප්ස් කණ්ඩායම විසින් පිෂර් බි කණ්ඩායමද පාස් පෝන් කණ්ඩායම විසින් පිෂර් ඒ කණ්ඩායමද පරාජය කරමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්හ.

ඉන්දියානු චෙස් ක්‍රීඩිකා කාන්තා ඉන්ටර් නැෂනල් මාස්‍ටර් ඉශා ශර්මා ඇතුලුව ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩිකාවන් වන තිළිණිකොස්වත්ත(නායිකා), සයුමි සයිනාබ්, දිනුෂ්කි ප්‍රේමනාත්, ප්‍රසංසා ප්‍රේමනාත් යන ක්‍රීඩිකාවෝ ශූරතාව දිනා ගත් චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළහ.

කසකස්ථාන චෙස් ක්‍රීඩිකා කාන්තා ග්‍රෑන්ඩ් මාස්ටර් ඩයුලෙටොටා ගුල්මිරා ඇතුළුව ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩිකාවන් වන සචිනි රණසිංහ(නායිකා), දසුනි හංසිකා, තරුෂි සංදීපනී, සහ ජි.පි.වයි.විජේසූරිය යන ක්‍රීඩිකාවෝ අනු ශූරතාව දිනා ගත් පාස් පෝන් ක්‍රීඩා සමාජය නියෝජනය කළහ.

තෙවැනි ස්ථානය තෝරා ගැනීමට අවසන් පූර්ව වටයෙන් පරාජයවූ පිසර් ඒ හා පිසර් බී කණ්ඩායම් දෙක පැවති අතර එහිදී පිසර් ඒ කණ්ඩායම පිසර් බී කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.


අදහස් (0)

චෙස් චෑම්ප්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.