Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙන්නායි පිල අගාධයේ පතුලටම වැටෙයි

චෙන්නායි පිල අගාධයේ පතුලටම වැටෙයි

editorial - 2020 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෙර පැවැති සෑම තරගාවලියකදීම අවසන් සිවුදෙනා අතරට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් පිල මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන්නේය. මේ වනවිට ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටින ඔවුන් අයි.පී.එල් ඉතිහාසයේ පළමු වරට මූලික වටයෙන්ම ඉවත්වීමේ අවදානමක පසුවන්නේය.

මේ වනවිට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමගින් ක්‍රීඩාකරමින් සිටින චෙන්නායි පිලට තවත් තරග 2 ක් ඉතිරිව ඇත.

මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු 14 බැගින් ලබාගනිමින් සම ස්ථානයේ පසුවුවද ශුද්ධ ලකුණු වේගය මත මුම්බායි ඉන්දියන්ස් පිල පෙරමුණේ පසුවන්නේය. දිල්ලි පිල දෙවැනි ස්ථානයටත්, බැංගලෝර් පිල තෙවැනි ස්ථානයටත් පත්ව ඇත. 

හොඳම කණ්ඩායම් 4 සඳහා එක්වීමට මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට අමතරව කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස ඞෂ පංජාබ් කණ්ඩායම්ද තියුණු තරගයක් දෙමින් සිටිති. කොල්කටා පිල ප්‍රසාද ලකුණු 12 ක් ලබාගෙන සිවුවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 10 ක් ලබාගත් පංජාබ් පිල පස්වැනි ස්ථානයේ පසුවන්නේය.

ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගත් සන්රයිසස් හයිබාද් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් පිලිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ හය සහ හත්වැනි ස්ථානවල පසුවෙති.

 


අදහස් (0)

චෙන්නායි පිල අගාධයේ පතුලටම වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.