Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චානුක - චමීෂා අතරමැදි ශූරතා දිනති

චානුක - චමීෂා අතරමැදි ශූරතා දිනති

ශානුක අරවින්ද - 2020 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල සහිරා විදුහල පළමු වරට සංවිධානය කළ සබරගමුව පළාත් ආධුනික සහ අතරමැදි මේසපන්දු තරගාවලියේ පිරිමි අතරමැදි ශූරතාව දිනාගැනීමට කෑගල්ල ශාන්ත මරියා විදුහලේ චානුක ශ්‍රී බණ්ඩාර සමත් විය. තරගාවලියේ කාන්තා අතරමැදි ශූරතාව දිනාගනු ලැබුවේ කෑගලු බාලිකා විදුහලේ චමීෂා තුෂාධි විසිනි.

අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කෑගල්ල ශාන්ත මරියා විදුහලේ කවිඳු කුමුධනංජන පරාජය කරමින් චානුක අතරමැදි පිරිමි ශූරතාව ශූරතාව දිනාගත් අතර චමීෂා අතරමැදි කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කෑගලු බාලිකා විදුහලේ ප්‍රබෝධා මැල්ලව පරාජය කරමිනි.

තරගාවලියේ ආධුනික පිරිමි ශූරතාව දිනාගැනීමට ආදි කෑගලු විද්‍යාලයීය මේස පන්දු සමාජයේ කවිඳු චිරාන් සමත් වෙද්දී ආධුනික කාන්තා ශූරතාව දිනාගැනීමට කෑගලු බාලිකා විදුහලේ රුහිනි රොවින්‍යා සමත් වූවාය. එම ඉසව්වේ අවසන් මහ තරගවලදී කෑගල්ල ශාන්ත මරියා විදුහලේ රිතික් චාමික සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහලේ සකුණි අමෝදා පිළිවෙලින් ඔවුන් හමුවේ පරාජයට පත් වූහ.

කෑගල්ල ස්වර්ණජයන්ති මහ විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා සබරගමුව පළාතේ පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. කිසිදු ක්‍රීඩකයකුගෙන් ඇතුළත්වීමේ ගාස්තුවක් ලබා නොගෙන මෙම තරගාවලිය සංවිධානය කර තිබීම සුවිශේෂී සිදුවීමක් විය.

කෑගල්ල සහිරා විදුහලේ විදුහල්පති එස්.එම්. කුරයිෂා, සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ ලේකම් තුෂාර සම්පත් සහ ජාත්‍යන්ත මේසපන්දු විනිසුරු ප්‍රභාත් ප්‍රියන්ත යන මහතවරු ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.
 
තරග ප්‍රතිඵල (බාලක)

වයස 8 න් පහළ කේවල
තනූජ දෙව්නිත (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මෙතුක විනුවර (කෑගලු විද්‍යාලය) පරාජය කරන ලදි. (11/01, 11/06)

වයස 10 න් පහළ කේවල
දෙව්සර දිහෙන් (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 2-1 ක් ලෙස තනූජ දෙව්නිත (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/8, 06/11, 12/10)

වයස 12 න් පහළ කේවල
විකුම් කේසර (තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිනග මෙන්තුස (කෑගලු විද්‍යාලය) පරාජය කරන ලදි. (12/10, 11/08)

වයස 15 න් පහළ කේවල
රිතික් චාමික (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස අරෝෂ් ද සිල්වා (කෑගලු විද්‍යාලය) පරාජය කරන ලදි. (10/12, 11/06, 11/07)

වයස 18 න් පහළ කේවල
චමෝද් කුලසේකර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග 2-0 ක් ලෙස රිතික් චාමික (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/09)

තරග ප්‍රතිඵල (බාලිකා)

වයස 8 න් පහළ කේවල  
තෂිනි රෙහන්සා (තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිනදි සෙහන්සා (තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහල) පරාජය කරන ලදි. (11/01, 11/06)

වයස 10 න් පහළ කේවල  
සෙනුකි නිතායා (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පන්සිලුනි නානායක්කාර (රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/04)

වයස 12 න් පහළ කේවල  
සෙනුකි තසංගා (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස බනුජි මන්තොෂි (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/07)

වයස 15 න් පහළ කේවල  
මලීෂා සඳලි (රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස රුහිනි රොවින්‍යා (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/04)

වයස 18 න් පහළ කේවල  
රුහිනි රොවින්‍යා (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සකුණි අමෝදා (රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (14/12, 08/11, 11/09)

සෙසු තරග ප්‍රතිඵල

ආධුනික පිරිමි
කවිඳු චිරාන් (ආදි කෑගලු විද්‍යාලයීය මේස පන්දු සමාජය) විසින් තරග වට 2-1 ක් ලෙස රිතික් චාමික (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/09, 09/11, 11/07)

ආධුනික කාන්තා
රුහිනි රොවින්‍යා (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සකුණි අමෝදා (රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)

අතරමැදි පිරිමි
චානුක ශ්‍රී බණ්ඩාර (කෑගල්ල ශාන්ත මරියා විදුහල) විසින් තරග වට    ක් ලෙස කවිඳු කුමුධනංජන (කෑගල්ල ශාන්ත මරියා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08)

අතරමැදි කාන්තා
චමීෂා තුෂාධි (කෑගලු බාලිකා විද්‍යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස ප්‍රබෝදා මැල්ලව (කෑගලු බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/05)

ප්‍රවීණ පිරිමි
ජේ.ඒ. කාදර් (කෑගල්ල සහිරා විදුහල් ක්‍රීඩා සංගමය) විසින් තරග වට 2-1 ක් ලෙස ලසන්ත රණවීර (කෑගලු විද්‍යලයීය දෙමාපියන්ගේ මේසපන්දු සමාජය) පරාජය කරන ලදි. (05/11, 11/06, 11/08)


අදහස් (0)

චානුක - චමීෂා අතරමැදි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.