Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චමෝද් - කවීෂා සම්මාන ලබති

චමෝද් - කවීෂා සම්මාන ලබති

editorial - 2021 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 

 
(ශානුක අරවින්ද)

රැහුණු විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශාලවේදී පැවැති දකුණු පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී 2019 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චමෝද් ඩයස්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවීෂා දිල්හාරිද සම්මාන දිනාගත්හ.

දකුණ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.එම්. ක්‍රිෂන් දුමින්ද මහතා ඇතුළු දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුවේ ක්‍රීඩා අංශයේ අදහසක් අනුව සංවිධානය කෙරැණු මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී දකුණු පළාත නියෝජනය කරමින් 2019 වසරේදී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගවලදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 209 දෙනෙක් ඇගයීමට ලක් වූහ.

එහිදී වර්ණ ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මසකට රැපියල් 2000 ක් බැගින් 2021 වසර පුරා පෝෂණ ශිෂ්‍යත්වයක්ද ලබාදුන් අතර ඊට සමගාමීව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරැවන්ද ඇගයීමට ලක්කෙරිණ. එමෙන්ම එහිදී දකුණු පළාතේ ක්‍රීඩාව නැංවීමේ අරමුණින් පළාත් සභා පාසල් 55 ක් සඳහා රැපියල් ලක්ෂය බැගින් වන සේ පළාත් සභා අරමුදල්වලින් රුපියල් ලක්ෂ 55 ක් ලබාදීමද සිදුකෙරිණ.

මෙම වර්ණ ප්‍රදානෝත්සවය සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා ඇතුළු පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරැ ආරාධිතයෝ ලෙස සහභාගී වූහ.

චමෝද් ඩයස් දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, කවීෂා දිල්හාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථාවන් ඡායාරෑපවල දැක්වේ‍. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා සහ දකුණ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.එම්. ක්‍රිෂන් දුමින්ද මහතාද ඡායාරෑපයේ වෙති.
 

අදහස් (0)

චමෝද් - කවීෂා සම්මාන ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.