Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල්ගේ උත්සහය අපතේ යයි

චන්දිමාල්ගේ උත්සහය අපතේ යයි

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තෙවැනි සතියේ තරග අද (16 වැනිදා) අවසන්වූ අතර එහිදි මීගමුව පිලට එරෙහිව ශතකයක් (නොදැවී 163) ලබාගනිමින් යුදහමුදා පිල පරාජයෙන් ගලවා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගත් උත්සහය අපතේ ගියේය. ඒ අනුව යුදහමුදා පිලට එරෙහිව මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට මීගමුව පිල සමත්විය.

චන්දිමාල්ගේ පිතිහරඹය හේතුවෙන් යුදහමුදා පිලට ඉනිමක පරාජයෙන් ගැලවීමට හැකිවුවද ඕවර 9 කදී මීගමුව පිලට ලබාදුන් ලකුණු 70 ක ඉලක්කය රැක ගැනීමට ඔවුන් අපොහෙසත් වූහ. ඒ අනුව ලකුණු 70 ක ඉලක්කයක් හඹාගිය මීගමුව පිතිකරුවෝ ඕවර 7.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.

පළමු ඕවර 5 තුලදී ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ පාලනය යුදහමුදා පිල හිමිකරගෙන සිටියද සීකුගේ ප්‍රසන්න යැවූ 6 වැනි ඕවරයේදී ලකුණු 23 ක් ලබාගත් මීගමුව පිලේ පිතිකරුවෝ තවත් පන්දු 9 කදී ලකුණු 27 ක් ලබාගනිමින් තරගය ජයගැනීමට සමත්වූහ.

සාද් නසීම් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් ලබාගත් අතර පසිඳු ලක්ෂංක පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 21 ක් ලබාගැනීමට සමත්විය.

යුදහමුදා පළමු ඉනිම ලකුණු 155 කට සීමාකළ මීගමුව පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් රැස්කිරීමට සමත්විය. එහිදී සාද් නසීම් (139) ශතකයක්ද, අෂේන් සිල්වා (67), ඇන්ජලෝ ජයසිංහ (87) සහ උපුල් ඉන්ද්‍රසිරි (63) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 329 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ යුදහමුදා පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 398 ක් පමණි. එහිදී දිනේෂ් චන්දිමාල් ශතකයක් (නොදැවී 163) සහ පැතුම් දිල්ෂාන් (91) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

තවත් තරග 4 ක් අද අවසන්වූ අතර එහිදි මූවර්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට බී.ආර්.සී පිලත්, රාගම පිලට එරෙහිව ඉනිමක ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් පිලත්, කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 88 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිලත් සමත්විය. හලාවත මේරියන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පළමු ඉනිමේ ජය එන්.සී.සී පිලට හිමිවිය.
මෙම සති අන්තයේදී අවසන්වූ තරග වලදී සාද් නසීම් (මීගමුව), දිනේෂ් චන්දිමාල් (යුදහමුදාව), සහන් ආරච්චිගේ සහ මහේල උඩවත්ත (එන්.සී.සී), ශෙහාන් ජයසූරිය (මේරියන්ස්) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

සචිත්‍ර සේනානායක (එස්.එස්.සී) කෝල්ට්ස් පිලට එරෙහිව ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් තරගය පුරා කඩුලු 10 ක් ද, ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්) එස්.එස්.සී පිලට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් සමගින් තරගය පුරා කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. අසිත ප්‍රනාන්දු (මේරියන්ස්) එන්.සී.සී පිලට එරෙහිවත්, දිලේෂ් ගුණරත්න (එන්.සී.සී) මේරියන්ස් පිලට එරෙහිවත් ඉනිමකදී කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වූහ. සැරසන්ස් පිලට එරෙහිව ඉනිමකදී කඩුලු 6 දවාගැනීමට රාගම පිලේ කල්හාර සේනාරත්න සමත්වූයේය.

රාගම පිලට එරෙහිව පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 8 ත් සමගින් තරගය පුරා කඩුලු 9 ක් දවාගැනීමට කසුන් රාජිත සමත්වූ අතර එම තරගයේ දෙවැනි ඉනිමේදී රාගම පිලට එරෙහිව කඩුලු 8 ක් දවාගැනීමට සැරසන්ස් පිලේ චාමිකර එදිරිසිංහ සමත්විය.

යුදහමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 155
(හිමාෂ ලියනගේ 56, උපුල් ඉන්ද්‍රසිරි 73/3, සාද් නසීම් 04/2, ඩිල්ෂාන් මුණවීර 29/2)

මීගමුව පළමු ඉනිම -  කඩුලු 9 ක් දැවී 484
(ඩිල්ෂාන් මුණවීර 40, අෂේන් සිල්වා 67, ඇන්ජලෝ ජයසිංහ 87, සාද් නසීම් 139, රොස්කෝ තටිල් 32, උපුල් ඉන්ද්‍රසිරි 63, මල්ක මදුශංක 126/3, දුෂාන් විමුක්ති 146/2, සීකුගේ ප්‍රසන්න 146/2)

යුදහමුදා දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 398
(ලක්ෂාන් එදිරිසිංහ 38, පැතුම් දිල්ෂාන් 91, දිනේෂ් චන්දිමාල් නොදැවී 163, සීකුගේ ප්‍රසන්න 34, රොෂේන් ප්‍රනාන්දු 60/3, උපුල් ඉන්ද්‍රසිරි 165/3, ඩිල්ෂාන් මුණවීර 27/2)

මීගමුව දෙවැනි ඉනිම -  කඩුලු 2 ක් දැවී 74
(සාද් නසීම් නොදැවී 40, පසිඳු ලක්ෂංක නොදැවී 21)

-------------------------------------------------------------------------------------------------------

බී.ආර්.සී පිලට කඩුලු 2 ක ජයක්

බී.ආර්.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

මූවර්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 353
(පබසර වඩුගේ 76, සචිත්‍ර සේරසිංහ 94, අදීෂ තිලංචන 64, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 30, චතුර රංදුනු නොදැවී 20, දුවිඳු තිලකරත්න 103/3, කෙවින් කොත්තිගොඩ 34/2, තරිඳු කෞෂාල් 58/2, සොහබුල්ලා 66/2)

බී.ආර්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 238
(දේශාන් ඩයස් 31, ශානුක දුලාජ් 38, රමින්ද විජේසූරිය 61, කෙවින් කොත්තිගොඩ 60, සචිත්‍ර සේරසිංහ 80/5, අදීෂ තිලංචන 24/2, රමේෂ් මෙන්ඩිස් 58/2)

මූවර්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 137
(පබසර වඩුගේ 74, රමේෂ් මෙන්ඩිස් 36, තරිඳු කෞෂාල් 30/4, දුවිඳු තිලකරත්න 60/3, සවින් ගුණසේකර 06/2)

බී.ආර්.සී දෙවැනි ඉනිම -  කඩුලු 8 ක් දැවී 253
(නිසල් ෆ්‍රැන්සිස්කෝ 60, භානුක රාජපක්ෂ 69, රමින්ද විජේසූරිය 35, කෙවින් කොත්තිගොඩ නොදැවී 34, අයන සිරිවර්ධන 72/3, රමේෂ් මෙන්ඩිස් 70/2)

-------------------------------------------------------------------------------------------------------

කසුන් - චාමිකර සැරසන්ස් පිලට ජය ගෙනෙති

රාගම සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

රාගම පළමු ඉනිම -  සියලුදෙනා දැවී 119
(ළහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 31/8)

සැරසන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 373
(සිතාර ගිම්හාන් 74, නවිඳු නිර්මාල් 83, චාමිකර එදිරිසිංහ 55, ගමිඳු අමරසිංහ 45, ප්‍රමෝද් මධුවන්ත 34, මිලින්ද සිරිවර්ධන 41, කල්හාර සේනාරත්න 127/6, අමිල අපෝන්සු 40/3)

රාගම දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 144
(ළහිරු තිරිමාන්න 45, උදාර ජයසුන්දර 27, ඉෂාන් ජයරත්න 39, චාමිකර එදිරිසිංහ 32/8)

-------------------------------------------------------------------------------------------------------

එන්.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්

හලාවත මේරියන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 312
(චතුරංග ද සිල්වා 47, සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50, අසිත ප්‍රනාන්දු 46/5, නිමසර අතරගල්ල 58/2, ශෙහාන් ජයසූරිය 90/2)

මේරියන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 304
(ලසිත් කෲස්පුලේ 36, සනෝජ් දර්ෂික 38, ශෙහාන් ජයසූරිය 120, පුලින තරංග 56, දිලේෂ් ගුණරත්න 52/5, චතුරංග ද සිල්වා 105/3)

එන්.සී.සී දෙවැනි ඉනිම -   කඩුලු 8 ක් දැවී 314
(පැතුම් නිස්සංක 73, ළහිරු උදාර 75, මහේල උඩවත්ත නොදැවී 117, ඇන්ජලෝ පෙරේරා 26, නිමේෂ් විමුක්ති 86/4, ලසිත් කෲස්පුල්ලේ 35/3)

-------------------------------------------------------------------------------------------------------

සචිත්‍ර එස්.එස්.සී පිලට ජය ගෙනෙයි

කෝල්ට්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 301
(සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කවිඳු කුලසේකර 36, ක්‍රිෂාන් සංජුල 54, සම්මු අෂාන් 41, සචිත්‍ර සේනානායක 39, ප්‍රභාත් ජයසූරිය 89/5, ධනංජය ලක්ෂාන් 49/2)

කෝල්ට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 183
(හේෂාන් ධනුෂ්ක 66, ප්‍රියමාල් පෙරේරා 25, ධනංජය ලක්ෂාන් 26, සචිත්‍ර සේනානායක 52/5, ආකාෂ් සේනාරත්න 24/3)

එස්.එස්.සී දෙවැනි ඉනිම -  කඩුලු 5 ක් දැවී 114
(නුවනිඳු ප්‍රනාන්දු 21, සචිත්‍ර සේනානායක 33, ක්‍රිෂාන් සංජුල 32, ආකාෂ් සේනාරත්න නොදැවී 27, ඩිල්රුවන් පෙරේරා 45/4, ප්‍රභාත් ජයසූරිය 55/4)

කෝල්ට්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 205
(විශාද් රංදික 69, ධනංජය ලක්ෂාන් 54, සචිත්‍ර සේනානායක 59/5, ධම්මික ප්‍රසාද් 27/2, ජෙෆ්රි වැන්ඩසේ 43/2


අදහස් (0)

චන්දිමාල්ගේ උත්සහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.