Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල් - තිරිමාන්න - උදාර - ඇන්ජලෝ ශතක ලබති

චන්දිමාල් - තිරිමාන්න - උදාර - ඇන්ජලෝ ශතක ලබති

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අවසන් තරග අද (25 වැනිදා) ආරම්භවූ අතර එහිදී යුදහමුදා පිලේ දිනේෂ් චන්දිමාල් (නොදැවී 136), රාගම පිලේ ළහිරු තිරිමාන්න (140) සහ උදාර ජයසුන්දර (නොදැවී 154), එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා (107) ශතක ලබාගැනීමට සමත්වූහ.

මේ වනවිටත් සී.සී.සී පිල ශූරතාව හිමිකරගෙන ඇති බැවින් අනුශූරතාව හිමිකර ගැනීම සඳහා හලාවත මේරියන්ස්, එන්.සී.සී සහ රාගම කණ්ඩායම් අතර තියුණු තරගයක් පවතී.
හලාවත මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති සී.සි.සී පිලට එරෙහිව ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


යුදහමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී ලකුණු 344
(අශාන් රන්දික 63, පැතුම් දිල්ශාන් 67, දිනේෂ් චන්දිමාල් නොදැවී 136, ලක්ෂාන් එදිරිසිංහ 45, සාලිය සමන් 59/2, මොහොමඞ් දිල්ෂාඩ් 82/2)


බී.ආර්.සී සහ රාගම කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 309
(ළහිරු තිරිමාන්න 140, උදාර ජයසුන්දර නොදැවී 154)


එන්.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 458
(ළහිරු උදාර 66, නිරෝෂන් දික්වැල්ල 57, චතුරංග ද සිල්වා 41, ඇන්ජලෝ පෙරේරා 107, සහන් ආරච්චිගේ 44, කමිල් මිශාර නොදැවී 72, දුෂ්මන්ත චමීර 28, ප්‍රභාත් ජයසූරිය 117/4, ඩිල්රුවන් පෙරේරා 119/4)


සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 287
(අෂාන් ප්‍රියංජන් 35, ලසිත් අබේරත්න 68, වනිඳු හසරංග 23, ළහිරු මදුශංක 45, ළහිරු සඳකැන් 35, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 83
(ලසිත් කෲස්පුල්ලේ 50, ඕෂධ ප්‍රනාන්දු 25)

 


අදහස් (0)

චන්දිමාල් - තිරිමාන්න - උදාර - ඇන්ජලෝ ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.