Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝල්ඩ් කෝස්ට් යවන්න 12 ක් සොයයි

ගෝල්ඩ් කෝස්ට් යවන්න 12 ක් සොයයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව ශ්‍රී ලංකා වාර්තා තුනක් හා තරග වාර්තා අටක් බිහිවූ 95 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පළවූ දක්‍ෂතා ඇසුරෙන් එළඹෙන ගෝල්ඞ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

එම නිර්දේශ කිරීම් ලබන බ්‍රහස්පතින්දාට (7) පෙර තමන්ට ලැබිය යුතු බවට ගෝල්ඞ් කෝස්ට් තරග සංවිධායකයෝ ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ. ඒ අනුව ඒ සඳහා නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම පසුව තෝරා ගැනීමේ අභිප්‍රායෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ගෝල්ඩ් කෝස්ට් තරග සංවිධායකයන් වෙත යොමු කිරීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ‘ගෝල්ඞ් කෝස්ට්’ නගරයේදී 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ අප්‍රේල් 4 සිට 15 වැනිදා දක්වාය.

තෙදිනක් පුරා  ‘මහින්ද රාජපක්‍ෂ’ පිටියේදී පැවති 95 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකරත් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ඊ.ඩබ්.යූ. රත්න කුමාරිත් ශූරතා සම්මාන ලැබූහ.

උත්තේජක ඇබ්බැහියන් සොයන්න කමිටුවක්

දියගම ‘මහින්ද රාජපක්‍ෂ’ පිටියේදී රැස්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමය තහනම් උත්තේජකවලට ඇබ්බැහිවී සිටින බව කියන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කිරීම සඳහා සත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කළේය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස සජිත් ජයලාල් මහතා කටයුතු කරයි. ඒ මහතා මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ වත්මන් සභාපතිවරයාද වන අතර දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙමින් සිටියදී පසුගිය සිකුරාදා (1) වසර එකහමාරකටත් අධික කාලයකින් පසුව රැස්වූ මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමය නව කමිටුව පත් කළේය.

 


අදහස් (0)

ගෝල්ඩ් කෝස්ට් යවන්න 12 ක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.