Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝන් ප්‍රී චෙස් තරගාවලිය 11 දා සිට නුගේගොඩදී

ගෝන් ප්‍රී චෙස් තරගාවලිය 11 දා සිට නුගේගොඩදී

editorial - 2020 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සහ කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 7 වැනි වරටත් සංවිධානය කරන ගෝන් ප්‍රී චෙස් තරගාවලිය මේ මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා නුගේගොඩ චෙස් සම්මේලන මූලස්ථාන ශාලාවේදී පැවැත්වේ. මෙම තරගාවලියේ තරග කොටස් දෙකකින් සමන්විත වන අතර එහි පළමු කොටස 11 වැනිදා සිට 13 වැනිදා දක්වාද, දෙවැනි කොටස 17 වැනිදා සිට 19 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය.

කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු චෙස් තරගාවලිය මෙය වන අතර ඒ සඳහා තරගකරුවෝ 12 දෙනකු සහභාගි වෙති. අවසන් වරට පැවැති චෙස් තරගාවලිවලදී දැක්වූ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය එම ක්‍රීඩකයින් 12 දෙනා තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ.

චන්දන විජේකෝන්, ජී.සී. අනුරාධ, මිනුල් සංජුල දොළුවීර, රොමේෂ් වීරවර්ධන, එල්.එම්.එස්.ටී. ද සිල්වා, කෙවින් රනිඳු සිල්වා, ඊ.ඩී.එස්. චන්දුල, බුද්ධික අමරසිංහ, දිමුතු ප්‍රියදර්ශන, එලාත් මතංග, ජෙනිත් වීරතුංග සහ තිසල් මන්ජිත් පියුමන්ත මෙම තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයෝ 12 දෙනා වෙති.

මෙම තරගාවලිය ලීග් පදනම මත පැවැත්වේ. ඒ අනුව එක් තරගකරුවකුටතරග 11 කට බැගින් සහභාගිවීමට සිදුවනු ඇත. තරගාවලියේදී පැවැත්වෙන මුලු තරග සංඛ්‍යාව 66 කි. එම තරග 66 අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා තරගකරුවා තරගාවලියේ ශූරයා බවටත් දෙවැනියට වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයා අනු ශූරයා බවටත් පත්වනු ඇත. ජයග්‍රාහකයන් සඳහා පදක්කම්, සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

එහිදී පළමු ස්ථානය සඳහා රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 20,000 ක්ද, සිව්වැනි සහ පස්වැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 10,000 ක් සහ 5000 ක් බැගින්ද පිරිනැමේ.


අදහස් (0)

ගෝන් ප්‍රී චෙස් තරගාවලිය 11 දා සිට නුගේගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.