Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෘහස්ථ පුහුණු තීරුව මයිකල් ද සොයිසා නමට

ගෘහස්ථ පුහුණු තීරුව මයිකල් ද සොයිසා නමට

editorial - 2021 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව එම ක්‍රීඩා සමාජයේ හිටපු විශිෂ්ඨ පරිපාලකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු වූ අභාවප්‍රාප්ත මයිකල් ද සොයිසා මහතා නමින් මේ මස 27 වැනිදා නම් කිරීමට නියමිතය.

මයිකල් ද සොයිසා මහතා එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ දීර්ඝකාලීන සාමාජිකයෙකු වූ අතර එහි දියුණුව සඳහා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙස ඉමහත් දායකත්වයක් දුන් අයෙකි. එස්.එස්.සී හි ගෘහස්ථ ක්‍රිකට් දැල් සවි කිරීමට මයිකල් ද සොයිසා මහතා දායකවී ඇති බැවින් එය ඔහුගේ නමින් නම් කිරීම ඔහුට කරන උපහාරයක් බව ක්‍රීඩා සමාජය නිවේදනය කරයි.

ඔහුගේ 73 වන උපන්දිනයට දිනකට පෙර, එනම් 2019 සැප්තැම්බර් 29 වැනිදා සිදුවූ ඔහුගේ හදිසි අභාවය තෙක් මයිකල් ද සොයිසා ක්‍රීඩා සමාජය සමඟින් ක්‍රියාකාරීව කටයුතු කළේය.


- 2079


අදහස් (0)

ගෘහස්ථ පුහුණු තීරුව මයිකල් ද සොයිසා නමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.