Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාව පළමු ජය ලබයි

ගුවන් හමුදාව පළමු ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා පිටියේදී ඊයේ (12) පස්වරුවේ පැවැති තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 16-7 ක් ලෙස පොලිස් පිල පරාජය කරමින් මෙවර තරගාවලියේ පළමු ජය ලැබීමට සමත් වූහ.

ගුවන් හමුදා පිල මෙම තරගයට පෙර සහභාගි වූ තරග අටම පරාජයට පත්ව සිටියේය.

ගුවන් හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 8-7 ක් ලෙස ලකුණතින් පෙරමුණේ පසුවිය.

ජයග්‍රාහි ගුවන් හමුදා පිල උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු 16 රැස් කළේය. පොලිස් පිල ගෝලයක් පමණක් සම්පූර්ණ කළේය.

ගුවන් හමුදා පිලේ ජයග්‍රහණයේ නියමුවා වූ හුකර් ක්‍රීඩක පරාක්‍රම රත්නායක උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීමට සමත් විය.

ගයන්ත ඉද්දමල්ගොඩ දඩුවම් පහර දෙකක් සම්පූර්ණ කරමින් ජයග්‍රහණයට අනගි දායකත්වයක් සැපයීය.
පොලිස් පිලට එකම උත්සාහක දිනුම සුරංග කසුන් එකතු කළ අතර එහි ගෝල ප්‍රවර්ථනය ශිෆාෂ් අමත් සාර්ථක කළේය.


අදහස් (0)

ගුවන් හමුදාව පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.