Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාව ගෝල 1-0 කින් ජය ලබයි

ගුවන් හමුදාව ගෝල 1-0 කින් ජය ලබයි

ශනුක අරවින්ද - 2019 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සුමේධ ප්‍රනාන්දු තරගයේ 83 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

එහිදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී.ඒ.ජේ. ප්‍රානාන්දු, ඩී.එන්. වෙල්ගම, පී.ඒ. ප්‍රනාන්දු සහ ඩී.කේ. දුමින්ද මෙන්ම ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ අමිත් කුමාර සහ ඒ මයිකල්ද කහ කාඞ්පත් ලැබූහ.

-036

 


අදහස් (0)

ගුවන් හමුදාව ගෝල 1-0 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.