Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාපති කුසලාන 22 දා සිට

ගුවන් හමුදාපති කුසලාන 22 දා සිට

editorial - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 8 වැනි වරටත් සංවිධානය කරන ලබන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය මේ මස 22 වැනිදා ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයට අයත් ඊගල්ස් ගෝල්ෆ් පිටියේදී පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා දේශීය සහ විදේශීය ගෝල්ෆ් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 70 කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාවට ගුවන් හමුදාපති කුසලාන පිරිනැමේ. තරගාවලියේ දක්‍ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට සහ ක්‍රිඩිකාවට එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අභියෝග කුසලාන පිරිනැමේ.

එම කුසලානවලට අමතරව දීර්ඝතම පහර, සිදුර ආසන්නයටම එල්ල කරන ලද පහර, තෝරාගන්නා සිදුරු 4 ක් සඳහා වැයකරනු ලබන අවම පහර සංඛ්‍යාව, කණ්ඩායමක් එක් සිදුරක් අවසන් කිරීම සඳහා ගතකරනු ලබව අවම කාලය සඳහාද එහිදී ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය 22 වැනිදා රාත්‍රියේදී ත්‍රිකුණාමලය, චීන වරාය ආසන්නයේ පිහිටි ‘බේ වීව්’ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

-036


අදහස් (0)

ගුවන් හමුදාපති කුසලාන 22 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.