Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා සත් සාමාජික රග්බි තරගාවලිය 20 - 21

ගුවන් හමුදා සත් සාමාජික රග්බි තරගාවලිය 20 - 21

editorial - 2021 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ගුවන් හමුදාපති කුසලාන රගර් තරගාවලියේ පළමු අදියර මාර්තු මස 20 සහ 21 දිනයන්හිදි රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම සත් සාමාජික තරගාවලිය සංවිධානය කෙරේ.

පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වු කොරෝනා වසංගතයේ ව්‍යාප්තියට පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු වැනි රග්බි තරගාවලිය මෙයයි.

මෙම තරගවලියට කණ්ඩායම් පහක් ඔවුන්ගේ සහභාගීත්වය ස්ථිීර කිරීම හේතුවෙන් ඔවුන්ගේ ‘බී’ කණ්ඩායම් වලටද තරගාවලියට ඉදිරිපත් වීමේ අවස්ථාව දීමට සංවිධායක ගුවන් හමුදාව තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලියට කණ්ඩායම් 10 ක් එක්වීමට නියමිතව ඇති අතර කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ.

“සියලු සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා යැයි” ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති සහ තරඟ අධ්‍යක්ෂ නසීම් මොහොමඩ් මහතා පැවසීය.

පළමු අදියරෙන් සතියකට පසුව එනම්, මාර්තු 26-27 දිනයන්හිදී, දෙවන අදියර එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පළමු සහ දෙවැනි කණ්ඩායම්, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ තරගාවලියට සහභාගි වන බව තහවුරු කර තිබේ.
 
සී.එච්. ඇන්ඩ් එෆ්.සී, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී, සහ මහනුවර කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 10 න් ඕනෑම කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද හිමිවෙයි. ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමට තෝරාගැනීම සඳහා ක්‍රීඩකයන් සලකා බැලීමට අවශ්‍ය නම් මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද තරගාවලියේ අධ්‍යක්ෂවරයා පැවසීය.

“අපි රත්මලනේ පැවැත්වෙන තරගාවලියේදී තරග කිහිපයක් විදුලි ආලෝකය යටතේ පැවැත්වීම පිළිබඳව සිතා බලනවා. හැකි ඉක්මනින්ම ඒ ගැන තීරණයක් ගන්නවා” යැයිද නසීම් මොහොමඩ් මහතා පැවසීය.

විශ්වාසදායක ආරංචි මාර්ග වලට අනුව ඩයලොග් අක්සියාටා සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරයි.


 - 2079

 


අදහස් (0)

ගුවන් හමුදා සත් සාමාජික රග්බි තරගාවලිය 20 - 21

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.