Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදා - කොළඹ තරගය සමවෙයි

ගුවන් හමුදා - කොළඹ තරගය සමවෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ කොළඹ පාපන්දු සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර ඒකල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සම තත්වයට පත්විය. 

එහිදී කොළඹ ක්‍රීඩා සමාජය වෙනුවෙන් බී.එම්.සී. රත්නායක 22 වැනි මිනිත්තුවේදීද, ටී.එෆ්.බී. දිමිත්‍රි 22 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත් අතර ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් කවිඳු ඉෂාන් 17 වැනි මිනිත්තුවේදීද, බී.එස්.සී. ප්‍රනාන්දු 94 වැනි මිනිත්තුවේදීද (අතිරේක කාලයේදී) ගෝල ලබාගත්හ. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්.එම්.පී. ප්‍රනාන්දු සහ කේ.එන්.එච්. ප්‍රනාන්දුද, කොළඹ පාපන්දු සමාජයේ චලන චමීර සහ ඒ.ආර්.ඒ. ශස්නිද එම කරගයේදී කහ කාඞ්පත් ලැබූහ. 

-036 


අදහස් (0)

ගුවන් හමුදා - කොළඹ තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.