Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුසිංහගේ සේවය දීර්ඝ කිරීමට සාමාජික විරෝධය

ගුරුසිංහගේ සේවය දීර්ඝ කිරීමට සාමාජික විරෝධය

යොහාන් භාසුර - 2019 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී (සී.සී.ඕ.ඕ.) අසංක ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සහ වර්තමාන විධායක කමිටු සාමාජික තිලංග සුමතිපාල මහතා කළ යෝජනාවකට විධායක කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ විරෝධය ප්‍රකාශවීමෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

සුමතිපාල මහතාගේ යෝජනාව ලේකම් මොහාන් ද සිල්වා මහතා විධායක කමිටුවට ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එයට විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

සුමතිපාල මහතාගේ යෝජනාවට විධායක කමිටුවේ සාමාජිකයන් හත්දෙනකු පමණ සහයෝගය පළකර ඇති බව ද වාර්තා වේ.

ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කළ හොත් විධායක කමිටු සාමාජිකයන් වන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දරණ කීපදෙනකු ඉවත්වීමට සූදානම් වන බව ද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

“ඔහු වසර කීපයක් කරපු දෙයක් නෑ. ඒ නිසා ඔහුගේ සේවය අවසන් කරන්න තමයි හිටියේ. ඔහුගේ සේවය දීර්ඝ කළ හොත් අපි දැඩි පියවරක් ගන්නවා” යැයි විධායක කමිටු සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.  

අසංක ගුරුසිංහ මහතාගේ සේවා ගිවිසුම පසුගිය මස අවසන් වූ අතර ඒ අනුව සේවය දීර්ඝ නොකිරීමට මීට පෙර විධායක කමිටුව තීරණය තිබේ. 


අදහස් (0)

ගුරුසිංහගේ සේවය දීර්ඝ කිරීමට සාමාජික විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.