Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුසිංහගේ සේවය දීර්ඝ කරයි

ගුරුසිංහගේ සේවය දීර්ඝ කරයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී (සී.සී.ඕ.ඕ.) අංසක ගුරුසිංහ මහතාගේ සේවය වසර දෙකකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. 

ගුරුසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සහ වර්තමාන විධායක කමිටු සාමාජික තිලංග සුමතිපාල මහතාගේ යෝජනාව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පසුගිය විධායක කමිටුවට ඉදිරි පත් කළ අතර එයට විධායක කමිටුවේ සාමාජිකයන් 17 න් 10 දෙනකුගේ අනුමැතිය හිමිවූහ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පමණක් එම යෝජනාවට විරෝධය පළ කර තිබේ.

එදින විධායක කමිටු රැස්වීමට සහභාගි නොවූ සාමාජිකයන්ට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට පැය 24 ක කාලයක් ලබාදුන් අතර කිසිඳු ප්‍රතිචාරයක් නොවේ නම් ගුරුසිංහගේ සේවා දිගුවට කැමැත් ප්‍රකාශ කළ බවට පිළිගන්නා බව ද විධායක කමිටු සාමාජිකයන් වෙත යොමු කර තිබූ ඊමේල් පණ්වුඩයේ සඳහන්ව තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන නිලධාරී මණ්ඩලයේ ‘සුමතිපාල පාර්ශවය’ විරුද්ධ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තේරීපත් වූ කේ. මතිවානන් මහතා ද මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනේ.    

 


අදහස් (0)

ගුරුසිංහගේ සේවය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.