Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගිණුම් වාර්තා ගැන පරීක්‍ෂණයක්

ගිණුම් වාර්තා ගැන පරීක්‍ෂණයක්

යොහාන් භාසුර - 2020 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම පළාත් රග්බි සංගමයේ පසුගිය වසරේ ගිණුම් වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳව ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම වාර්තා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ පසුගිය වසරේ ගණුදෙනු සම්බන්ධයෙන් සැකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් මෙන්ම මධ්‍යම පළාත් රග්බි සංගමයේ හිටපු ප්‍රධාන නිලධාරියකුට චෝදනා එල්ල වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම සැක සහිත ගණුදෙනු හේතුවෙන් මධ්‍යම පළාත් රග්බි සංගමයේ විධායක සභාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ.

මධ්‍යම පළාත් රග්බි සංගමයේ විධායක කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නමගිය ප්‍රදේශයක් නියෝජනය කරන්නේ යැයි කියන නිලධාරියකු අදාල හිටපු නිලධාරියාට රැස්වීමෙන් පිටව යන ලෙස පැවසූ බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.

මධ්‍යම පළාත් රග්බි සංගමයේ ලේකම් කාවින්ද ජයසේන මහතාගෙන් මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමේදී පැවසුවේ ගිණුම් වාර්තාවල ගණුදෙනු කීපයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත්ය.

“මට ඒ පිළිබඳව වැඩි දුර අදහස් ප්‍රකාශ කරන්න බෑ. අපි හැකි ඉක්මනින් පරීක්‍ෂණයක් කරනවා” යැයි ජයසේන මහතා වැඩි දුරටත් පැවසීය.

මධ්‍යම පළාත් රග්බි සංගමයේ ගිණුම් පරීක්‍ෂා කරන විගණන සමාගම සහ ගිණුම් පරීක්‍ෂා කළ නිලධාරියා පිළිබඳව ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ මාධ්‍යම පළාත් සංගමයේ පමණක් නොව සියලුම පළාත් සංගම්වල ගණුදෙනුවල සත්‍ය සහ නිවැරදිතාව පිළිබඳව පරීක්‍ෂා කළ යුතු බවයි.

 


අදහස් (0)

ගිණුම් වාර්තා ගැන පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.