Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු අළෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා පිට පිටම සිවුවැනි වරටත් නැවතත් පත්විය.
එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභාව පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි එම ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කුමාර් සමරසිංහ මහතා 2017 වසරේ සිට අඛණ්ඩව ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
ගජබා පිටිගල මහතා ගාල්ල ක්‍රිකට් සමාජයේ ලේකම් ධූරයට නැවතත් පත්ව සිටියි.
ගාල්ල ක්‍රිකට් සමාජයේ නව නිලධාරී මණ්ඩලය:
සභාපති - කුමාර් සමරසිංහ, උප සභාපතිවරු - රුවන් ද සිල්වා සහ චන්දන ගලප්පත්ති, ප්‍රධාන ලේකම් - ගජබා පිටිගල, උප ලේකම් - තුසිත විජේතිලක, භාණ්ඩාගාරික - තුෂාර ද සිල්වා, විශේෂ ලේකම්වරු - චාල්ස් සිල්වා, ටයිටස් ගුණරත්න, රොහාන් ගුණසේකර, දමින්ද ඉඹුල්දෙණිය, ඩී. ජී. මානවඩු සහ සමන්ත ලියනගේ, විධායක කමිටු සාමාජිකයෝ - දිලිත් ජයවීර, හසිත රාජපක්‍ෂ, සම්පත් දවුලගල, මාලක ද සිල්වා, ඒ. එස්. ජමීල්, චන්දන ප්‍රදීප් කුමාර, නිපුන් උදාර සිල්වා, එම්. ඩී. ඩික්සන් සහ දිනේෂ් චාමින්ද යන මහත්වරු
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.