Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගමනාගමන - බන්ධනාගාර කණ්ඩායම් ජය ලබයි

ගමනාගමන - බන්ධනාගාර කණ්ඩායම් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ මේ සතිය තුළ පැවැති තරග 2 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය සහ බන්ධනාගාර ක්‍රීඩා සමාජය සමත් විය.

යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගවලදී දඬුවම් පහර 4-1 ක් ලෙස උරුතිරපුරම් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය සමත් විය. ශාන්ත නිකලස් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට බන්ධනාගාර ක්‍රීඩා සමාජය සමත් වූයේ ගෝල 2-1 ක් ලෙසනි.

උරුතිරපුරම් - ගමනාගමන මණ්ඩල තරගයේ 8 වැනි මිනිත්තුවේදී ගමනාගමන මණ්ඩල කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට ඩබ්.ඒ. මධුෂංක සමත් වූ අතර 60 වැනි මිනිත්තුවේදී උරුතිරපුරම් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට එස්.පිරේට්ස් සමත් විය.

ශාන්ත නිකලස් - බන්ධනාගාර තරගයේ 30 වැනි සහ 80 වැනි මිනිත්තුවලදී එම්.එස්. ඉසඩීන් සහ එම්.ජී. දිනේෂ් බන්ධනාගාර කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබාගත්හ. එම්. රොක්ෂාන් ශාන්ත නිකලස් කණ්ඩායම වෙනුවන් ගෝලයක් ලබාගත්තේ 48 වැනි මිනිත්තුවේදීය.


- 036

 


අදහස් (0)

ගමනාගමන - බන්ධනාගාර කණ්ඩායම් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.