Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගජබා සුපර්ක්‍රොස් තරග 27 දා

ගජබා සුපර්ක්‍රොස් තරග 27 දා

Nisanka Sandeepani - 2017 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 27 වැනිදා පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ. 


සියැට් - ස්ලාඩා ශූරතාවලියේ තෙවැනි තරගාවලිය ලෙස මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වෙන අතර මේ වන විටත් මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරෝ 104 ක් සහ යතුරුපැදිකරුවෝ 134 ක් ලියාපදිංචි වී සිටිති. 

දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 25 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 13 ක් ඇතුළත්ය. 

තවද මේ වසරේ අප්‍රේල් මස නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ආනන්ද වෙඩිසිංහ මහතා සිහිපත් කිරීම පිණිස, මෙම තරගාවලියේදී සුපර් මෝටාඞ් යතුරුපැදි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ නමින් කුසලානයක් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති. 

ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස උෂාන් පෙරේරාත්, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායකත් සම්මාන දිනා ගත්හ. 

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ

සියැට් සමාගම නියෝජනය කරමින් එහි අලෙවි සහ කළමානාකරණ සහකාර සාමාන්‍යාධිකාරී බ්‍රිෂ්රි ලතීෆ් මහතා, මේජර් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාට අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කළ අයුරු.... 

 


අදහස් (0)

ගජබා සුපර්ක්‍රොස් තරග 27 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.