Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝලි යුවළ කොරෝනා අරමුදලක් හදති

කෝලි යුවළ කොරෝනා අරමුදලක් හදති

editorial - 2021 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා දෙවන රැල්ල හේතුවෙන් පීඩාවිදින ඉන්දීය ජනයා වෙනුවෙන් උදව් කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි සහ රංගන ශිලිපිනියනියක් වන ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා ඉදිරිපත් වී සිටිති. කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවා ඇති අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියකට රුපියල් කෝටි 2 ක් පරිත්‍යාග කිරීමට ඔවුන් තීරණය කර තිබේ. රුපියල් කෝටි 7 ක් රැස් කිරීමට එම අරමුදල පිහිටවූ විරාට් - අනුෂ්කා කෝලි යුවළ අපේක්ෂා කරති.

තත්පර 46 ක වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කළ මෙම යුවළ විසින් අවශ්‍යතා ඇති අයට උපකාර කරන ලෙසත් ඒ සඳහා පරිත්‍යාග කරන ලෙසත්, ඔවුන්ගේ මිලියන සංඛ්‍යාත අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටිති.

”අනුෂ්කා සහ මම කොවිඩ් -19 සහන සඳහා අරමුදල් රැස් කිරීමට වැඩසටහනක් ආරම්භ කර තියෙනවා. ඔබගේ සහයෝගයට අපි කෘතඥා වෙනවා. අපි සියලු දෙනාම එකතු වී අපගේ අවට සිටින අයට අපගේ සහාය අවශ්‍ය අයට උදව් කරමු” යනුවෙන් කෝලි සිය ට්වීටර් ගිණුමේ සටහනක් යොදා තිබුණී. මෙම වැඩසටහන දින හතක් තිස්සේ ක්‍රියාත්මක වන අතර එයින් ලැබෙන ආදායම මෙම අරමුදල සඳහා ප්‍රදාන කරනු ඇත.

“අපේ රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ කාලයක් අපි පසුකරමින් සිටිනවා. අපේ ජාතියට අප සැවොම අවශ්‍යයි. හැකි තරම් මිනිසුන් බේරා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. පසුගිය වසරේ සිට මිනිසුන් විඳින දුක් ගැහැට දැකීමෙන් අනුෂ්කා සහ මම කම්පනයට පත්වුණා,” යැයි කෝලි එම වීඩියෝවෙන් පැවසීය.

”අපි මෙම අරමුදල් රැස්කිරීම ආරම්භ කරන්නේ දැඩි අවශ්‍යතා ඇති අයට ආධාර කිරීම සඳහායි.  සැලකිය යුතු අරමුදලක් රැස්කිරීමට අපට හැකි වනු ඇතැයි යන විශ්වාසය අපට තියෙනවා.  අර්බුදයක සිටින සෙසු රටවැසියන්ට ආධාර කිරීමට ජනතාව ඉදිරිපත් වනු ඇතැයි අපට විශ්වාසයි. අපි මේ සඳහා එක්ව සිටිමු. මෙය ජය ගන්න පුලුවන්” ඔහු තවදුරටත් පැවසීය.

රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය, පවතින තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමට වෙහෙසෙන බැවින් මිනිසුන් විඳින දුක් ගැහැට දෙස බලා සිටීම වේදනාකාරී බව ද අනුෂ්කා පැවසුවාය.

“ මිනිසුන් විඳින පැහැදිලි කළ නොහැකි දුක් වේදනා දකින විට, විරාත් සහ මම දැඩි වේදනාවට පත්ව සිටිනවා. වෛරසයට එරෙහි සටනට මෙම අරමුදල සහාය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” යයිද ඇය පැවසුවාය.

- 2079


අදහස් (0)

කෝලි යුවළ කොරෝනා අරමුදලක් හදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.