Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝප් කමිටුව හමුවෙන්න වෙනත් දිනයක්

කෝප් කමිටුව හමුවෙන්න වෙනත් දිනයක්

editorial - 2021 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

කෝප් කමිටුව හමුවේ හෙට (6 වැනිදා) පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කලමනාකාර මණ්ඩලයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා ඇතුලු එහි වත්මන් ප්‍රධානීන්ට කළ නියමය තාවකාලිකව වෙනස් කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ. ඊට  ආසන්නතම හේතුව දැන් රටේ උද්ගතව තිබෙන කෝවිඩ් වසංගත තත්වය බව වාර්තා වේ.

මනිලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පාපන්දු සම්මේලනයේ වත්මන් ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට නැවත කැදවන දිනය ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෝප් කමිටුව පවසයි.

පාපන්දු සම්මේලනය සතු රුපියල් කෝටි 5 1/2 කට ආසන්න මුදලක් අවභාවිතා කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව හමුවේ හෙට (06) දිනයේ පෙනී සිටින ලෙස මනිලාල් ප්‍රනාන්දු මහතාට දැනුම් දී තිබුණි.

ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු උප සභාපතිවරයකු වන මනිලාල් ප්‍රනාන්දු මහතා, අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු විධායක සභිකයෙකි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සුනාමි අරමුදල් ලෙස ලැබුණු විදේශ ආධාර මුදල් මෙලෙස අවභාවිතා කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

 


අදහස් (0)

කෝප් කමිටුව හමුවෙන්න වෙනත් දිනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.