Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝටි 10 ක කොවිඩ් ආධාර මුදල් අනුමත වෙයි

කෝටි 10 ක කොවිඩ් ආධාර මුදල් අනුමත වෙයි

නාමල් පතිරගේ - 2020 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘‘කොවිඩ්’‘ මුල්‍යාධාර යටතේ ලෝක පාපන්දු සමුළුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් අනුමත කර ඇතැයි වාර්තාවේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් නවකෝටි හතළිස් ලක්ෂයකට (94000000) ආසන්නවේ.

මේ සම්බන්ධයෙන් ‘‘ලංකාදීප’’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල පාපන්දු ක්‍රීඩාවේ ඇණහිටීමක් දක්නට ලැබුණු බවත් එය අවධානයට යොමු කරමින් ලෝක පාපන්දු සමුළුව සිය සාමාජික රටවලට මෙලෙස විශේෂ මුල්‍යාධාර ප්‍රද‌ානය කිරීමට තිරණය කර තිබෙන බවයි.

කෙසේ වුවත් පාපන්දු සම්මේලනය පසුගිය මාර්තු මාසයේ සිට රට තුළ උද්ගත වූ ‘‘කොවිඩ්’’ වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ලෝක පාපන්දු සමුළුවේ අනුමැතියෙන් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් (රුපියල් තුන්කෝටි හැත්තෑහය ලක්ෂයක්) මෙරට පාපන්දු ප්‍රජාව නියෝජනය කරන සියලු පාර්ශව වෙත බෙද‌ාදුන්නේය.

පාපන්දු සංවර්ධන කටයුතු සඳහා වෙන්ව තිබූ එම මුදල් ඒ සඳහා යොද‌ා ගැනීමට සිදුවූයේ ලෝක පාපන්දු සමුළුව ශ්‍රී ලංකාවට අනුමත කළ කොවිඩ් මුල්‍යාධාර ලැබීම ප්‍රමාදය සැලකිල්ලට ගෙනබව පාපන්දු සභාපතිවරයා පැවසීය.

ලෝක සමුළුව ශ්‍රී ලංකාවට අනුමත කළ කොවිඩ් මුල්‍යාධාර ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලෙන් මෙරට පාපන්දු ප්‍රජාව සඳහා තවදුරටත් උපකාර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිසි තක්සේරුවකට පැමිණීමෙන් පසුව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝක පාපන්දු සමුළුව සාමාජික රටවල් හා ජාතීන් 206 ක් සඳහා එම සමුළුව වාර්ෂික මුල්‍යාධාර ලබාදීම සිදුකරයි. ඒ යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ලෝක සමුළුවෙන් වාර්ෂිකව ප්‍රද‌ානය කෙරේ.

‘‘කොවිඩ්’‘ මුල්‍යාධාර මෙම වසරට ලැබෙන්නේ එම අරමුදල්වලට අමතරවය.


අදහස් (0)

කෝටි 10 ක කොවිඩ් ආධාර මුදල් අනුමත වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.