Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹදී ‘ටී10’ ලීග් තරගාවලියක්

කොළඹදී ‘ටී10’ ලීග් තරගාවලියක්

යොහාන් භාසුර - 2020 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තරග සංචාරය පැවැත්විය නොහැකි තත්ත්වයක් පැවතීම හේතුවෙන් ඒ වෙනුවට ලීග් තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

ටෙස්ට් තරග සහ විස්සයි20 තරග තුන බැගින් ඇතුළත් වූ මෙම දකුණු අප්‍රිකානු තරග සංචාරය පසුගිය මැයි මස පැවැත්වීමට නියමිතව තිබුණ ද ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් කල්දැමීය. එහි අනෙක් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණි.

“කොවිඞ් 19 අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකානුවේ සංචාරය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් එම තරගාවලිය දෙසැම්බර් මස පවත්වන්න ලැබෙන්නේ නෑ”

“මෙම සංචාරය ලබන වසරේ (2021) කාලසටහනට ඇතුළත් කිරීමට අපි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරනවා”

විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ටී10 (ඉනිමක් ඕවර 10 ක) ලීග් තරගාවලියක් එම කාලය තුළ ශ්‍රී ලංකාවේදී සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කර තිබේ.
“එල්.පී.එල්. තරගාවලිය නොවැම්බර් මස ආරම්භ කරනවා. එම තරගාවලිය අවසන් වූ වාහාම ටී10 තරගාවලියක් දෙසැම්බර් මස පවත්වන්න අපි අදහස් කර තිබෙනවා.

‘එල්.පී.එල්. එකට සහභාගි වන විදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින නිසා එය අපිට පහසු වෙයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

දකුණු අප්‍රිකාව තුළ මේ වන විටත් ‘කොවිඩ් 19’ අවදානම පහව ගොස් නොමැති අතර ඊයේ (04) පස්වරුව වන විට දකුණු අප්‍රිකාවෙන් 650,000 කට ආසන්න ‘කොවිඞ් 19’ වයිරස් අසාදිතයන් වාර්තා වී තිබුණි.

ලෝක ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩිම සංඛ්‍යාවේ සිට හත්වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් 14,500 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ.   

 


අදහස් (0)

කොළඹදී ‘ටී10’ ලීග් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.