Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ සුපර් ක්‍රොස් තරගාවලිය කල් දමයි

කොළඹ සුපර් ක්‍රොස් තරගාවලිය කල් දමයි

ශානුක අරවින්ද - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලිසර නාවික හමුදා ධාවන පථයේදී හෙට (3 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ‘කොළඹ සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ දින වල පවතින වැසි සහිත කාලගුණය සහ එළබෙන ජනාධිපතිවරණය හේතුවෙන් දෙසැම්බර් මස 1 වැනිදාට කල් දැමීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ මෙන්ම ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේද මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා සූදානමින් සිටියි.

මින් පෙර පැවැති තරගාවලි දෙකේදීම (2017 සහ 2018) දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අශාන් සිල්වා සමත් වූ අතර ශානුක සඳරුවන් 2017 වසරේදීද, බුද්ධික කසුන් සිල්වා 2018 වසරේදීද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවන් ලෙස සම්මාන දිනාගත්හ.  

 


අදහස් (0)

කොළඹ සුපර් ක්‍රොස් තරගාවලිය කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.