Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ පාපන්දු සමාජයට ගෝල 3-1 ක ජයක්

කොළඹ පාපන්දු සමාජයට ගෝල 3-1 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

එහිදී එම්.එන්.එම්. ෆසාල් 54 වැනි මිනිත්තුවේදීද, සර්වාන් ජොහාර් 73 වැනි මිනිත්තුවේදීද, එම්.ආර්. මොහිඩීන් 83 වැනි මිනිත්තුවේදීද කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් ගෝල ලබාගත්හ.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට පී.සී. රෂ්මිත සමත් වූයේ තරගයේ 91 වැනි (අතිරේක කාලයේදී) මිනිත්තුවේදීය.

මෙම තරගයේදී කොළඹ පාපන්දු සමාජයේ ඒ.ආර්.ඒ. ශස්නි සහ එම්. සර්වාන්ද, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ එස්. නිරේෂ්, එම්. නීලම් සහ යූ.පී.සී. ඩිල්ෂාන්ද කහ කාඞ්පත් ලැබූහ.

-036

 


අදහස් (0)

කොළඹ පාපන්දු සමාජයට ගෝල 3-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.