Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ පාපන්දු සමාජය පෙරමුණේ

කොළඹ පාපන්දු සමාජය පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙසැම්බර් මස 30 වැනිද දක්වා පැවැති තරගවලදී ජයග්‍රහණ 6 ක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත්වී තිබේ.

මේ වන විට ප්‍රසාද ලකුණු 19 ක් ලබා සිටින කොළඹ පාපන්දු සමාජය මෙතෙක් තරග 8 කට සහභාගි වී ඇති අතර ඉන් එක් තරගයක් පරාජය වී, තවත් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර ගෙන තිබේ. ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජයද ප්‍රසාද ලකුණු 19 ක් ලබා කලම්බු පාපන්දු සමාජය සමග සම තත්වයේ පසුවන නමුත් ලබාගත් ගෝල සංඛ්‍යාව අනුව ඔවුන්ට හිමිවී ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි.

තරග 8 කට සහභාගි වී ඇති රිනවුන් ක්‍රීඩා සමාජය තරග 5 ක් ජයගෙන, 2 ක් පරාජයට පත්වී, සෙසු තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරගෙන ලකුණු 17 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ.

 


-036 / 63226

 


අදහස් (0)

කොළඹ පාපන්දු සමාජය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.