Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොරෝනාවේ මූලික අලාභය පවුම් මි 16 යි

කොරෝනාවේ මූලික අලාභය පවුම් මි 16 යි

editorial - 2021 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පසුගිය වසර සඳහා පවුම් මිලියන 16.1 ක (ඩොලර් මිලියන 22.78) මූල්‍යමය අලාභයක් සිදුවූ බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පවසයි. පසුගිය වසරේ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ආදායම පවුම් මිලියන 207 ක් දක්වා පහත වැටී ඇත.

“ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නව තරගාවලියේ ආරම්භය කල් දැමීමට සිදු වීම මෙන්ම ජෛව ආරක්ෂිත බුබුලු තුළ ක්‍රිකට් තරග සංවිධාන කිරීමට සිදු වීම යන කරුණු හේතුවෙන් මෙම අලාභයන් විඳදරා ගැනීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට සිදුවී තිබේ. පසුගිය එංගලන්ත ගිම්හානයේදී සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සාර්ථකව පැවැත්වීම සහ පළමු පෙළ ප්‍රාන්ත තරගාවලි නොපැවැත්වීම මගින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ අලාභය පවුම් මිලියන 100 ඉක්මවා ඇත.

පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, පාකිස්තානය සහ ඕස්ටේ්‍රලියාව සමගින් එංගලන්තයේදී තරග කළේය. ඒ සෑම තරගාවලියක් සඳහාම ජෛව ආරක්ෂිත බුබුලු පවත්වාගෙන යමින්, තවත් බොහෝ ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. එංගලන්ත කාන්තා කණ්ඩායම සැප්තැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා එංගලන්තයේදී තරග කළේය.
“මෙය අභියෝගාත්මක වසරක් තමයි”

“නමුත් (කොරෝනා වසංගතයට එරෙහිව) ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමෙන් සහ වසංගතයේ මුල් අවධියේදී තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමෙන් අපට ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දැක්වීමට සහ වඩාත් නරක මූල්‍ය තත්වයක් වළක්වා ගැනීමට හැකි වී තිබෙනවා” යැයි එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ස්කොට් ස්මිත් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“ඉදිරි වසර පුරා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් පවනවා. නමුත් අපි බලාපොරොත්තු වන්නේ තවත් ක්‍රිකට් පූර්ණ ගිම්හානයකදී ප්‍රේක්‍ෂකයන් නැවත ගෙන්වා ගැනීම ආරම්භ කිරීමටයි” යයි පැවසූ ස්කොට් ස්මිත් මහතා....

“අපගේ ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය ආදායම ආරක්ෂා කර ගැනීමට අපට හැකිවේවි” යයිද පැවසීය.

පසුගිය වසරේදී පවුම් මිලියන 16.1 ක අලාභය ලැබුවද එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ඊට පෙර  වසරේදී පවුම් මිලියන 6.5 ක ලාභයක් ලැබීය.
සැලසුම්ගත ආයෝජන නැවැත්වීම, කාර්ය මණ්ඩලය 389 සිට 331 දක්වා අඩු කිරීම, අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා වැටුප් අඩු කිරීම වැනි දේ සමගින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පසුගිය වසරේදී තමන්ගේ පිරිවැය අඩු කරගත්තේය.

එංගලන්ත කණ්ඩායම නවසීලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව සමඟ මෙම ජුනි මාසයේ සිට අන්ර්ජාතික තරගාවලි කිහිපයකටම මුහුණ දෙයි. එංගලන්ත කාන්තා කණ්ඩායම ඉන්දියාව සහ නවසීලන්තය සඳහා සත්කාරකත්වය දැරීමට නියමිතව ඇත.

- 2079

 


අදහස් (0)

කොරෝනාවේ මූලික අලාභය පවුම් මි 16 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.