Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව්වෝ දිවයිනට එති

කොදෙව්වෝ දිවයිනට එති

editorial - 2020 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අද (10 වැනිදා) දිවයිනට පැමිණියේය.  

ඉන් පළමු එක්දින තරගය දිවා තරගයක් ලෙස පෙබරවාරි මස 17 කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැතිවෙන අතර දෙවැනි තරගය 26 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය මාර්තු මස 1 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

විස්සයි20 තරග දෙක මාර්තු මස 3 වැනිදා සහ 6 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

තරගාවලිය ආරම්භ වීමට පෙර කොදෙව් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පෙරහුරු තරග 2 කටද සහභාගී වීමට නියමිතය. ඉන් පළමුවැන්න කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීද, දෙවැන්න කටුනායක මේරියන්ස් ක්‍රීඩාගංණයේදීද, පැවැත්වේ.


තරග කාලසටහන

■ පළමු පෙරහුරු තරගය - පෙබරවාරි 17 වැනිදා - කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි පෙරහුරු තරගය - පෙබරවාරි 20 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාගංණයේදී
■ පළමු එක්දින තරගය - පෙබරවාරි 22 වැනිදා - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි එක්දින තරගය - පෙබරවාරි 26 වැනිදා - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
■ තෙවැනි එක්දින තරගය - මාර්තු 1 වැනිදා - මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී  
■ පළමු විස්සයි20 තරගය - මාර්තු 4 වැනිදා - මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි විස්සයි20 තරගය - මාර්තු 6 වැනිදා - මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

 

(ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි)

-036


අදහස් (0)

කොදෙව්වෝ දිවයිනට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.