Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොදෙව් ක්‍රිකට් හිටපු ලොක්කා චීනයට ක්‍රිකට් බෝකරන්න යයි

කොදෙව් ක්‍රිකට් හිටපු ලොක්කා චීනයට ක්‍රිකට් බෝකරන්න යයි

editorial - 2020 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ සභාපතිවරයා වීමේ අභිලාෂ‍යෙන් සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංගමයේ හිටපු ප්‍රධානියා වන ඩේව් කැමරන් චීනයේ ක්‍රිකට් ප්‍රචලිත කිරීමට උත්සාහ කරමින් සිටී. ඒ සඳහා ඔහුගේ න්‍යාය වන්නේ අන්තර්ජාතික තරග අඩුවුවද පුද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් අතර 20-විස්ස ලීග වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමයි.

කැමරන් මහතා තනිවම සටනට ඉදිරිපත් වී ඇති නමුත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම තනතුර සඳහා ඔහුගේ අපේක්ෂකත්වයට සහාය නොදක්වයි.


ඩේව් කැමරන් 2013 සහ 2019 අතර ක්‍රිකට් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංගමයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සිය සැලැස්ම හෙළිදරව් කරමින් කියා සිටියේ වඩාත් දීර්ඝ විස්සයි-20 තරගාවලි පැවැත්විය යුතු බවයි. ඒ සඳහා උදාහරණ ගෙනා ඔහු පාපන්දු ලෝකයේ අතිශය ජනප්‍රිය තරගාවලි වන යුරෝපා පාපන්දු ලීගය, ලා ලිගා (ස්පාඤ්ඤය) සහ සෙරී ඒ (ඉතාලිය) වැනි ඉහළ පෙළේ පාපන්දු ලීග මෙන් විස්සයි-20 ක්‍රිකට් ලීගද ක්‍රියාත්මක විය යුතුබව කියා සිටියේය.

“ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වැනි කුඩා කණ්ඩායම් වලට තමන් කැමතිනම් පමණක් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව තිබිය යුතුයි. එය අනිවාර්ය නොවිය යුතුය,” යයි ඩේව් කැමරන් විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටින අය අතුරින් එංගලන්තයේ කොලින් ග්‍රේව්ස් මහතා පෙරමුණ ගෙන සිටින අතර ඉන්දියාවේ සෞරව් ගංගුලි මහතාද තරගයට ඉදිරපත්ය සිටී.  සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා අවම වශයෙන් අයිසීසී මණ්ඩලයේ ඡන්ද දෙකක්වත් අවශ්‍ය වන අතර කැමරන් පැවසුවේ තමා එය ලබාගෙන ඇති බවයි.

"එම ඡන්ද මා සතුව තියෙනවා. එය වෙනස් වනු ඇතැයි මා හිතන්නේ නෑ.... ඒත් ගංගුලිගේ අනාගතය ගැන දැන ගැනීමට මා තවමත් බලා ඉන්නවා" යයි ඩේව් කැමරන් පැවසීය.

"ඉන්දීය උප මහාද්වීපයෙන් පිටත ක්‍රීඩාව වර්ධනය කිරීම අවශ්‍යයි. චීනයේ සහ වෙනත් ස්ථානවල මේ ක්‍රීඩාව සංවර්ධනය විය යුතුයි. ඒත් එය ඉන්දියාව ඇතුළත් කළ යුතු සැලැස්මක්. ඕනෑම ගෝලීයකරණයකට ඉන්දියාවෙන් ආයෝජන අවශ්‍ය වෙනවා" යයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ආදායමෙන්  80 % ක් උත්පාදනය කරන ඉන්දියාව ගැන කැමරන් මහතා කීවේය.

"දැන් අපට වඩාත්ම ලාභදායී වන්නේ විස්සයි 20 ලීගයන්. අප එය වර්ධනය කර ගත යුතු අතර ඒවා එක්සත් ජනපදය වැනි ස්ථාන කරා ගෙන ගොස් එම අවස්ථාවන් සඳහා වැඩි ක්‍රීඩකයින් ප්‍රමාණයක් සහභාගී කළ යුතුයි. ලීග සහ අඩු ජාත්‍යන්තර ක්‍රිකට් ඇති අතර එය වැඩි ලාභටය මග පාදාවි."

"මේ කුඩා රටවලට තව තවත් අයිසීසී තරගාවලි සංවිධායන කිරීමට දින දර්ශනයේ ප්‍රමාණවත් ඉඩක් නෑ." යයිද කැමරන් මහතා පැවසීය.

- 213


අදහස් (0)

කොදෙව් ක්‍රිකට් හිටපු ලොක්කා චීනයට ක්‍රිකට් බෝකරන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.