Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෙටිකාලීන විශේෂ පාපන්දු තරගාවලියක්

කෙටිකාලීන විශේෂ පාපන්දු තරගාවලියක්

නාමල් පතිරගේ - 2020 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

සභාපති කුසලාන තරගාවලියට හවුල්කර නොගත් කණ්ඩායම් වෙනුවෙන් ද කෙටිකාලීන විශේෂ පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වෙයි. මෙම වසර තුළදී පවත්වා අවසන් කෙරෙන මෙම පාපන්දු තරගාවලිය සඳහා සභාපති කුසලාන තරගාවලියට සහභාගි නොවූ කණ්ඩායම් 20කට ආරාධනා කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ මෙම වසර ආරම්භක සමයේදී රට තුළ උද්ගත වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරග නොමැතිව පසුවන ක්‍රීඩා සමාජවලට සහනයක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කරන බවයි.

 පසුගිය සැප්තැම්බර් 2 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැති අවසන් මහ තරගයෙන් නිමාවට පත්වූ සභාපති කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමෙන් පාපන්දු සම්මේලනය ප්‍රධාන අරමුණු කීපයක් ඉටුකර ගත්තේය. ඒ ජාතික පාපන්දු සංචිතයට දක්ෂතා හෙබි නවකයන් හඳුනා ගැනීම හා කොරෝනා වංසගතයෙන් තරග අහිමි වූ ක්‍රීඩා සමාජවලට අලුත් තරගාවලියක අත්දැකීම් ලබාදීම යන ප්‍රධාන අරමුණු පෙරදැරිවය. එය දින21 කින් පවත්වා අවසන් කිරීමට පාපන්දු සම්මේලනය සැලසුම් කළේය.

කෙසේවුවත් දෙවැනි කෙටිකාලීන විශේෂිත තරගාවලිය සඳහා ඊටත් වඩා කාලයක් ගතවිය හැකි බව අනුර ද සිල්වා මහතා පැවසීය. මෙම තරගාවලිය සඳහා නිර්දේශ කර ගන්නා කණ්ඩායම් සඳහා ද පාපන්දු සම්මේලනය ගෙවීම් හා වෙනත් දිරි දීමනා ගෙවීමට නියමිතය.

සභාපති කුසලාන තරගාවලිය සඳහා පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 35 ක් පමණ වන විශාල වැයක් දැරීය. කොළඹ ක්‍රීඩා සමාජය එහි ශූරතාව දිනාගත්තේය.

පාපන්දු සම්මේලනය මෙම වසරේදී සංවිධානය කරන මෙම කෙටි කාලීන තරගාවලි වාර්ෂික තරගාවලි ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම ගැන මෙතෙක් එම සම්මේලනය තීරණයකට පැමිණ නැත.


අදහස් (0)

කෙටිකාලීන විශේෂ පාපන්දු තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.