Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

නාමල් පතිරගේ - 2019 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින්  (25/17 - 25/22 - 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ.

එය ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගි වන අවසන් තරගය ද වේ. එහි විශේෂත්වය ශ්‍රී ලංකාවට මෙවර ආසියානු තරගාවලියේ දී ඕමානය මුණගැසෙන දෙවැනි අවස්ථාව වීමයි.

පසුගිය බදාදා (18) පැවැති ශ්‍රේණිගත තරගයකදී ශ්‍රී ලංකාව වට 3-1කින් ඕමානය පරාජයට පත් කිරීමට සමත් විය.

මෙවර ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේ මූලික වටයේ තරග තුනෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව අනතුරුව මුහුණ දුන් ශ්‍රේණිගත තරග වටයේදී ඊයේ වනතෙක් මුහුණ දුන් තරග තුනෙන්ම ජය ගැනීමට සමත්වීම කැපී පෙනේ.

ආසියානු තරගාවලියක දී ශ්‍රී ලංකාව පිට පිටම තරග තුනක් ජයගත් පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

ආසියානු (පිරිමි) තරගාවලිය 1975දී ආරම්භ වුවත් ශ්‍රී ලංකාවේ එහි සභාපතිත්වය ආරම්භ වන්නේ 1989 කොරියාවේ දී පැවැති තරගාවලියෙනි.

අද තරගයේ දී ඕමානයට පරාජය වුවහොත් 14 වැනි ස්ථානය ලබා ශ්‍රී ලංකාව තරගාවලියේ සහභාගිත්වය අවසන් කරයි. පසුගිය (2017- ඉන්දුනීසියාව) තරගාවලියේදී ශ්‍රී ලංකාව අත් කරගෙන ඇත්තේද 14 වැනි ස්ථානයයි. මෙවර තරගාවලියට සහභාගිවී සිටින රටවල් ගණන 16කි.

ඊයේ වනවිට තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ටේ්‍රලියාව, දකුණු කොරියාව සහ ජපානය සුදුසුකම් ලබා තිබුණි. සත්කාරක ඉරානය හා චීන - තායිපේ අතර සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබුණි. අවසන් පූර්ව වටය අද (20) පැවැත්වේ.

අවසන් මහ තරගය හා තෙවැනි ස්ථානය තේරීමේ තරගය හෙට (21) පැවැත්වේ. කියුබානු පුහුණුකරු මැනුවෙල් තොරේස් මහතා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරු ලෙස උපදෙස් ලබාදෙන අතර එහි නායකයා වන්නේ දීප්ත රොමේෂ්ය.


අදහස් (0)

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.