Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස් XI පන්ජාබ් නම වෙනස් කරයි

කිංග්ස් XI පන්ජාබ් නම වෙනස් කරයි

editorial - 2021 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් අටෙන් එක් කණ්ඩායමක් වන කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සිය නම සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් මස මැද භාගයේ සිට ඇරඹෙන 14 වැනි අයි.පී.එල්. තරගාවලියේ සිට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම “පන්ජාබ් කිංග්ස්” යන නමින් හැදින්වෙනු ඇත.

කණ්ඩායමේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකාරීත්වය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දී ඇති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වේ.

කණ්ඩායම් හිමිකරුවන් එහි නම සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හේතුවක් ප්‍රකාශයට පත්කර නැත. මෝහිත් බුර්මන්, නෙස් වාඩියා, ප්‍රීටි සින්ටා සහ කරන් පෝල් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරකත්වය දරති. කණ්ඩායමේ නායකයා ලෙස ලෝකේෂ් රාහුල් කටයුතු කරන අතර අනිල් කුම්බල් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.

වසර 13 ක ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේදී අනුශූරතාවයකින් සහ තෙවන ස්ථානයකින් සෑහිමට පත්වීමට  කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම සිදුවිය.

මෙවර තරග වාරය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ලබන බ්‍රහස්පතින්දා (18 වැනිදා) පැවැත්වීමට නියමිත අතර එහිදී පන්ජාබ් කිංග්ස් ලෙස ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වනු ඇත.

 

- 2079


අදහස් (0)

කිංග්ස් XI පන්ජාබ් නම වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.