Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරම් ශූරතා ගොන්නම බස්නාහිරට

කැරම් ශූරතා ගොන්නම බස්නාහිරට

ශානුක අරවින්ද - 2019 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරගාවලියේ පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල, පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් යන ශූරතා හයම දිනාගැනීමට බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වසරේ දක්‍ෂතම කැරම් ක්‍රීඩකයා
බස්නාහිර පළාතේ නිශාන්ත ප්‍රනාන්දු

වසරේ දක්‍ෂතම කැරම් ක්‍රීඩිකාව
බස්නාහිර පළාතේ ජෝශප් රොෂිටා

තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගත් බස්නාහිර පළාතේ නිශාන්ත ප්‍රනාන්දු, වසරේ දක්‍ෂතම කැරම් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කාන්තා කේවල ශූරතාව බස්නාහිර පළාතේ ජෝශප් රොෂිටා, වසරේ දක්‍ෂතම කැරම් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

දින 3 ක් පුරා බදුල්ල පළාත් සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 90 දෙනෙක් සහභාගී වූහ. තරගාවලිය පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල, පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් ලෙස ඉසව් හයකින් සමන්විත විය.

බස්නාහිර පළාතේ නිශාන්ත ප්‍රනාන්දු සහ ඌව පළාතේ අනස් අහමඞ් මෙම තරගාවලියේදී ‘වයිට් ස්ලෑම්’ (ප්‍රතිවාදී තරගකරුට අවස්ථාවක් නොදී තරග වාරයක් නිමා කිරීම්) අවස්ථාව බැගින් වාර්තා කළ අතර ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඔවුන් විශේෂ ඇගැයීමට ලක්කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් විසිදහසක මුදල් තිළිණයක්ද පිරිනමන ලදි.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
රන් පදක්කම - නිශාන්ත ප්‍රනාන්දු (බස්නාහිර පළාත)
රිදී පදක්කම - අනස් අහමඞ් (ඌව පළාත)
ලෝකඩ පදක්කම - අංජුල කුමාර (වයඹ පළාත)

කාන්තා කේවල
රන් පදක්කම - ජෝශප් රොෂිටා (බස්නාහිර පළාත)
රිදී පදක්කම - මධුවන්ති ගුණදාස (සබරගමුව පළාත)
ලෝකඩ පදක්කම - කේ. කේශාජිනී (උතුරු පළාත)   

පිරිමි යුගල
රන් පදක්කම - ෂහීඞ් හිල්මි සහ හසිත අනුරුද්ධ (බස්නාහිර පළාත)
රිදී පදක්කම - ජෝශප් ඩිලාන් සහ ඩී.එන්. විජයසිංහ (වයඹ පළාත)
ලෝකඩ පදක්කම - එස්.ඒ.එස්. සේනාධි සහ ඩබ්ලිව්.එම්. මුෆීෂ් (මධ්‍යම පළාත)

කාන්තා යුගල
රන් පදක්කම - මධුකා දිල්ෂානි රණවීර සහ දෙටුනි නොමායා (බස්නාහිර පළාත)
රිදී පදක්කම - ඊ. දිශාන්ති සහ ආර්. බවතරනී (උතුරු පළාත)
ලෝකඩ පදක්කම - එම්.එම්.එෆ්. අර්ෂානා සහ රංගනා සෙව්වන්දි (ඌව පළාත)

පිරිමි කණ්ඩායම්
රන් පදක්කම - බස්නාහිර පළාත
(නිශාන්ත ප්‍රනාන්දු, ෂහීඞ් හිල්මි, හසිත අනුරුද්ධ, චරිත් මධුසංක සහ සුරාජ් මධුවන්ත)
රිදී පදක්කම - ඌව පළාත
(අනස් අහමඞ්, එස්.එම්. ශ්‍යාම් ඩීන්, එම්.එම්.එම්. මසාහිර්, කේ. කෝබිෂාන් සහ සී.එම්. නිස්වාර්)  
ලෝකඩ පදක්කම - මධ්‍යම පළාත
(කේ.ජී.එස්.ජේ. ප්‍රසාද්, එස්.ඒ.එස්. සේනාධි, ඩබ්ලිව්.එම්. මුෆීෂ්, ඒ.ජී.එම්.පී. බණ්ඩාර සහ ඒ.එන්.එම්. අමීර්)

කාන්තා කණ්ඩායම්
රන් පදක්කම - බස්නාහිර පළාත
(ජෝශප් රොෂිටා, දෙටුනි නොමායා, මධුකා දිල්ෂානි රණවීර, තස්මිලා කාවින්දි සහ රෙබේකා ඩැල්රින්
රිදී පදක්කම  - සබරගමුව පළාත
(මධුවන්ති ගුණදාස, මධුෂා දුලාංජලී විතාන, එම්.ඕෂධී මධුෂානි, එල්.ඒ.ආර්.කේ. වර්ණසූරිය සහ බී.ජී. නිරෝෂනී ගම්ලත්
ලෝකඩ පදක්කම - උතුරු පළාත
(කේ. කේශාජිනී, ඊ. දිශාන්ති, ආර්. බවතරණී, එස්. සතුර්ෂිගා සහ එල්. තුෂාජිනි

පිරිමි කණ්ඩායම් ශූරතාව - බස්නාහිර පළාත

පිරිමි යුගල ශූරතාව - බස්නාහිර පළාත

කාන්තා කණ්ඩායම් ශූරතාව - බස්නාහිර පළාත

කාන්තා යුගල ශූරතාව - බස්නාහිර පළාත

 


අදහස් (0)

කැරම් ශූරතා ගොන්නම බස්නාහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.