Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා රග්බි පිලට වෙනත් ක්‍රීඩා වලින් සොයයි

කාන්තා රග්බි පිලට වෙනත් ක්‍රීඩා වලින් සොයයි

යොහාන් භාසුර - 2019 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි සංචිතයට වෙනත් ක්‍රීඩාවල දස්කම් දක්වන ක්‍රීඩිකාවන් බඳවා ගැනීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ දස්කම් දැක්වීම ඒ සඳහා අමතර සුදුසුකමක් ලෙස සළකයි.  

කොරියාවේදී ලබන නොවැම්බර් මස පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ (2020) සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ 2022 ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතය මෙලෙස පූර්ණ වෙනසකට ලක්කෙරේ.   

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම මෙම වසරේ සහභාගි වූ තරගාවලි කීපයේදීම ප්‍රදර්ශනය කළ දුර්වලතා පිළිබඳව අවධානය යොමු කරමින් රග්බි බලධාරීන් මෙම තීරණයට එළඹ තිබේ.

මීටර 100 ඉසව්ව තත්පර 13 ක පමණ කාලයකින්, මීටර 200 ඉසව්ව තත්පර 26 ක පමණ කාලයකින් අවසන් කරන ක්‍රීඩිකාවන්ට, රග්බි ක්‍රීඩාවට සරිලන අඩි 5 යි අගල් 5 ට වැඩි උසකින් යුත් ක්‍රීඩිකාවන්ට සහ කිලෝග්‍රෑම් 60 ට හෝ ඊට වැඩි බරකින් යුත් ක්‍රීඩිකාවන්ට මේ සඳහා විශේෂයෙන්ම අයැදුම් කළ හැකිය.
 
රග්බි සංචිතයට ඇතුළත්වීම සඳහා ක්‍රීඩා ඉසව් කීපයක ප්‍රබල ක්‍රීඩිකාවන් රැසකගෙන් මේ වන විටත් අයැදුම්පත් ලැබී ඇති බවත් තව දුරටත් අයැඳුම්පත් බාරගන්නා බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.

“මලල ක්‍රීඩා, වොලිබොල්, පැසිපන්දු, පාපන්දු ඇතුළු ක්‍රීඩා කරන රග්බි ක්‍රීඩාවේ දස්කම් දැක්විය හැකි ක්‍රීඩිකාවන් ඉන්නවා. අපි හොයන්නෙ එවැනි ක්‍රීඩිකාවන්” යැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.    

වෙනත් ක්‍රීඩා ඉසව්හි ක්‍රීඩිකාවන් 15 ක් පමණ මෙහිදී රග්බි සංචිතයට තෝරාගැනීමට නියමිතය.


අදහස් (0)

කාන්තා රග්බි පිලට වෙනත් ක්‍රීඩා වලින් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.