Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩාවේ විශිෂ්ටයන් 53 දෙනකුට සම්මාන

ක්‍රීඩාවේ විශිෂ්ටයන් 53 දෙනකුට සම්මාන

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් 53 දෙනෙකු ඇගයීමට ලක්වෙන ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය (2017) ලබන මැයි 19 වැනිදා පස්වරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


වසර 2016 ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන ගෙවුණු වසරක කාලයක් තුළදී දෙස් විදෙස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරුණු කොට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් මෙහෙවර නිලධාරින්, පුහුණුකරුවන් ඇතුළු වෙනත් එහි අවශේෂ පුද්ගලයන් ගණනාවක්ද මෙම සම්මාන උළෙලේදී විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් ඇගයීමට ලක් කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.


 මෙම අවස්ථාවට සම්භාවනීය විශේෂ ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. පළාත් ක්‍රීඩා ඇමැතිවරුන් ඇතුළුව දැනට ජීවත්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීිඩිකාවෝ පිරිසක් ද මෙවර සම්මාන උළෙල සඳහා ඇරියුම් ලබා සිටියි.


 එහි උපදේශක මණ්ඩලය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති එච්.එම්.එච්. හාරිස්, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ජාතික හා ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විතය.


 ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සමන්විත අභියාචනා මණ්ඩලයක්ද ඒ සඳහා පත්කර තිබෙන අතර එහි සාමාජිකයන් ගණන හතකි. සමන් අමරසිංහ, එස්. විදානපතිරණ (ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම්), කේ.පී. සිරිබද්දන (ක්‍රීඩා අමාත්‍යාංශ අතිරේක ලේකම්), සමන් බණ්ඩාර (ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්), කේ.ඩී.එස්. රුවන්බන්දු (ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්), මිල්ටන් අමරසිංහ (ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති) යන මහත්වරු එහි කටයුතු කරති.


 බි්‍රගේඩියර් සමන්ත ජයසුන්දර, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, වෛද්‍ය සීවලී ජයවික්‍රම, සජිත් ජයලාල් හා සම්පත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අනුකමිටුවක් ද එහිදී ඔවුන්ගේ සහයට පත්කර තිබේ.


පසුගිය වසරේදී (2016) පළමු වරට වසර 2015 ඉලක්ක කරමින් මෙහි පළමු සම්මාන ප්‍රදානෝත්සවය පැවැති අතර එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරත් වසරේ ජනප්‍රියම ක්‍රීඩිකාව ලෙස දැල්පන්දු ක්‍රීඩිකා ගයානි දිසානායකත් සම්මාන ලැබූහ.


ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේදී (2016) ප්‍රදානය කෙරෙන සම්මාන මෙසේය.


හොඳම ක්‍රීඩා පෞරුෂය, ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම, ක්‍රීඩකයන්ගේ කණ්ඩායම, කුසලතා පූර්ණ ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා, ආබාධිත ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම හා එම ක්‍රීඩකයන්ගේ කණ්ඩායම, විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩිකාව හා එම ක්‍රීඩකයා, හොඳම කනිෂ්ට ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ කණ්ඩායම, හොඳම කනිෂ්ඨ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, ආබාධිත හොඳම කනිෂ්ඨ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව.


 හොඳම යොවුන් ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ කණ්ඩායම, හොඳම යොවුන් (වයස 16 ට අඩු) ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, හොඳම යොවුන් ආබාධිත ක්‍රීඩකයන්ගේ කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ කණ්ඩායම.


විශේෂිත ක්‍රීඩා සම්මාන

කුසලතා පූර්ණ ක්‍රීඩා පරිපාලන නිලධාරි, ක්‍රීඩා විද්‍යාර්ථයා, ක්‍රීඩා වෛද්‍යවරයා, විනෝද ක්‍රීඩා සම්පාදක, තරග විනිසුරු, තීරක, තාක්ෂණික නිලධාරි, පුහුණුකරු (කනිෂ්ඨ), පුහුණුකරු (ජ්‍යෙෂ්ඨ), පුහුණුකරු (යොවුන්), ක්‍රීඩා අභ්‍යාසක, ක්‍රීඩා ප්‍රවර්ධක (අනුග්‍රාහක)

ජනමාධ්‍ය සඳහා වූ සම්මාන

වසරේ ක්‍රීඩා ප්‍රකාශනය, ක්‍රීඩා විද්‍යුත් ප්‍රකාශනය, ජාතික පුවත්පත්හි හොඳම ක්‍රීඩා පිටු (සිංහල-ද්‍රවිඩ-ඉංග්‍රීසි), ක්‍රීඩා රූපවාහිනී වැඩසටහන (සජීවි), ක්‍රීඩා රූපවාහිනී වාර්තාමය වැඩසටහන, වසරේ ක්‍රීඩා ජනමාධ්‍යවේදියා, මුද්‍රිත (සිංහල-ද්‍රවිඩ-ඉංග්‍රීසි) හා වසරේ ක්‍රීඩක ජනමාධ්‍යවේදියා (විද්‍යුත්-සිංහල-ද්‍රවිඩ-ඉංග්‍රීසි) හා වසරේ ක්‍රීඩා ඡායාරූප ශිල්පියා

වසරේ ජාතික ක්‍රීඩා සංගමය (ස්වර්ණ-රජත-ලෝකඩ)

විශිෂ්ටතා ජනාධිපති සම්මාන නිලධාරින් උදෙසා ක්‍රීඩාභිමානි, ක්‍රීඩා දේශාන්තර, ක්‍රීඩා කීර්ති, ක්‍රීඩා ලංකා ප්‍රදීප, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා රත්න හා ක්‍රීඩා ප්‍රභා සම්මාන සඳහා අයදුම්පත් යොමු කිරීම හා තොරතුරු ලබා ගැනීම  අඅඅ චරුිසාැබඑස්කිචදරඑි්අ්රාිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0779526367, 0718304996 යන දුරකථන අංක ඔස්සේ විමසීමෙන් ලබාගත හැකිය.


 ජාතික ක්‍රීඩා සංගම් ඇගයීමේ සම්මාන

 


අදහස් (0)

ක්‍රීඩාවේ විශිෂ්ටයන් 53 දෙනකුට සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.